ඔබේ සාර්ථකත්වය ඔබම වගා කරන්න

සාර්ථක අන්තර්ජාල ආයෝජනයන් දන්නා සිංහලෙන්

Privacy Policy

සාරභූමි.WordPress.com සඳහා පුද්ගලික ප්‍රතිපත්තිය (privacy policy)

මෙම පිටුව මහින් අපගේ බ්ලොග් ලිපි සේවය භාවිතා කරන විට සිදු කරන පුද්ගලික තොරතුරු රැස් කිරීම, භාවිතා කිරීම සහ අනාවරණය සම්බන්ධයෙන් අපගේ ප්‍රතිපත්ති ඔබට දැනුම් දෙයි.

අප විසින් මේ රහස්‍යතා ප්‍රතිපත්තියේ විස්තර කර ඇති පරිදි හැර වෙනත් අයුරකින් තෙවන පාර්ශවයක් සමඟ ඔබේ තොරතුරු භාවිත කිරීමට හෝ බෙදාගැනීමට යොමු නොවේ.

අපගේ සේවය ලබා දීම සහ වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ පුද්ගලික තොරතුරු අප විසින් භාවිත කරනු ලබයි. අපගේ සේවා එක වරක් හෝ භාවිත කිරීමෙන්, මෙම ප්රතිපත්තිය අනුව ඔබේ තොරතුරු රැස්කිරීම සහ භාවිතා කිරීම සම්බන්ධව ඔබ එකඟ වී ඇති බව සලකනු ලැබේ.

තොරතුරු රැස් කිරීම සහ භාවිත කිරීම

අපගේ සේවා භාවිත කරන අතරතුර, අපි ඔබ හා සම්බන්ධ හෝ හඳුනා ගැනීමට භාවිත කළ හැකි ඇතැම් පුද්ගලික තොරතුරු අප වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට ඉඩ ඇත. එහි ඔබව පුද්ගලිකව හඳුනාගත හැකි ඔබේ නම, දුරකථන අංකය, email ලිපිනය හෝ තැපැල් ලිපිනය, සහ වෙනත් ඕනෑම තොරතුරක් ඇතුළත් විය හැකිය.

පිවිසුම් දත්ත (Log data)

අපි ඔබ අපේ සේවා අඩවියට පැමිණෙන සෑම අවස්ථාවකදීම ඔබේ බ්රවුසරය (browser) හරහා තොරතුරු රැස් කරනු ලැබේ. ඔබේ පරිගණකයේ අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය (IP), බ්රව්සර් වර්ගය සහ ඔබ පිවිසි පිටු, දිනය හා වේලාව, එම පිටු හා අනෙකුත් ස්ථාන තුල ගත කරන කාලය ආදී තොරතුරු මෙම දත්ත තුල ඇතුළත් විය හැක.

කුකීස් (Cookies)

කුකීස් යනු කුඩා දත්ත ප්රමාණයක් අඩංගු, වෙබ් සර්වරය මගින් ඔබේ දෘඩ තැටිය මත තැන්පත් කරනු ලබන, නිර්නාමික පුද්ගල හදුනාගැනීමක් අඩංගු විය හැකි, ගොනු වර්ගයකි. මෙම බ්ලොග් අඩවිය තොරතුරු රැස් කිරීමට “කුකීස්” භාවිතා කරයි. ඔබ‍ට කුකීස් ප්‍රතික්ෂේප කිරීම හෝ සීමා කිරීම ඔබගේ බ්‍රව්සරයේ සැකසුම් වෙනස් කිරීම මගින් කල හැක. කෙසේ වෙතත්, ඔබ කුකීස් පිළිගන්නේ නැති නම්, අපේ ඇතැම් සේවා භාවිතා කිරීමට නොහැකි වීමට ඉඩ ඇත.

තොරතුරු වල ආරක්ෂාව

ඔබේ පුද්ගලික තොරතුරු වල ආරක්ෂාව අපට ඉතාමත් වැදගත්.  නමුත් අන්තර්ජාලය හරහා හුවමාරු වන හෝ තැන්පත් කිරීමක් සිදු කෙරෙන කිසිදු තොරතුරක්  100% ක් ආරක්ෂිත නොවන බව මතක තබා ගන්න. අපි ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට වාණිජමය පිළිගත හැකි මාධ්‍යයක් භාවිතා කිරීමට උත්සාහ කරන අතර, අපට එහි නිරපේක්ෂ ආරක්ෂාව පිළිබද සහතික කළ නොහැක.

අනෙකුත් අඩවි වලට යොමු කල සබැඳි

අපගේ බ්ලොග් අඩවිය තුල අප විසින් ක්‍රියාත්මක නොකරන තෙවන පාර්ශ්වයකට යොමු කෙරෙන සබැඳි අඩංගු විය හැක. ඔබ එවැනි සබැඳියක් තුලින් එම තෙවන පාර්ශව වෙබ් අඩවිය වෙත යොමු වෙන සෑම විටකම එම වෙබ් අඩවියේ පුද්ගලික ප්රතිපත්තිය ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. “අපගේ අනුදැනුමකින් තොරව” එම තෙවන පාර්ශවයක් සමග ඔබ ඇති කරගන්නා කිසිදු ගිවිසුමක් හෝ සම්බන්ධයක්, මුදල් ගෙවීමක් ගැන හෝ ඔවුන් විසින් සිදු කරන කවර ආකාරයක හෝ දත්ත රැස්කිරීමක් ගැන අප විසින් වග කියනු නොලැබේ.

පෞද්ගලිකත්ව ප්රතිපත්තියේ වෙනස්කම්

අපි කලින් කලට අපගේ පෞද්ගලිකත්ව ප්රතිපත්තිය මෙම පිටුවෙහි යාවත්කාලීන කරනු ලබයි. එම නිසා වරින් වර මෙම පිටුවෙහි සිදු කෙරෙන වෙනස් කම් ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

වියාචනයන්

මෙම බ්ලොග් අඩවියේ ලිපි තුල ඉතාමත් අවධානම් සහගත ආයෝජන සහ ව්‍යාපාර අවස්ථා ගැන සදහන් වනු ඇත. එම නිසා ඔබේ මුදල් ආයෝජනය කිරීමට පෙර ඔබේ ආයෝජන අරමුණු, අත්දැකීම්, අවදානම දරා ගැනීමේ හැකියාව, සහ තොරතුරු වල විශ්වාස සහගත භාවය ගැන සලකා බලන ලෙස යෝජනා කෙරේ. ඔබ ගන්නා ඕනෑම තීරණයක් නිසා ඔබගේ මුලු ආයෝජනයම හෝ ඉන් කොටසක් හෝ නැති වී යාමට ඉඩ ඇත. ඒ නිසා ඔබට ආයෝජන සඳහා අවදානම දැරිය හැකි මුදලක් පමණක් භාවිත කරන ලෙස උපදෙස් ලබාදෙයි. මෙම බ්ලොග් අඩවිය හරහා ඔබ ලබා ගන්නා තොරතුරු මගින් සිදු කරන ඔබේ ආයෝජන සහ ව්‍යාපාර, ලාභ හෝ අලාභ ගැන කිසිදු ඍජු හෝ වක්‍රමය නීතිමය වගකීමක් නොදරනු ඇත.

මාලින්ද පිටිගල විසින් මෙම www.sarabhumi.wordpress.com බ්ලොග් අඩවිය පවත්වාගෙන යනු ලබයි. මෙහි මම, අපි හෝ අප ලෙස දක්වා ඇති ඕනෑම තැනක එයින් අදහස් වන්නේ බ්ලොග් අඩවියේ අයිතිකරු, පවත්වාගෙන යන්නා, ලිපි රචකයා හෝ හොස්ටින් සේවා සපයන්නා විය හැක. මෙම බ්ලොග් අඩවිය WordPress.com විසින් නොමිලයේ සපයන හොස්ටින් ඉඩක පවත්වාගෙන යනු ලබන අතර WordPress.com හි භාවිත ප්‍රතිපත්තීන්ට පළමුව යටත් වේ.

අප අමතන්න

ඔබට මෙම පුද්ගලිකත්ව ප්රතිපත්තිය ගැන ඇති ඕනෑම ප්‍රශ්නයක් කරුණාකර අප වෙත යොමු කරන්න.

%d bloggers like this: