ඔබේ සාර්ථකත්වය ඔබම වගා කරන්න

සාර්ථක අන්තර්ජාල ආයෝජනයන් දන්නා සිංහලෙන්

මම ගැන

untitled-1

මම මාලින්ද.
ඉන්නේ රත්නපුරේ.
ඉගෙන ගත්තේ කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයෙන්.
ඉහලම අධ්‍යාපනය උසස් ජාතික තාක්‍ෂණ කෘෂිකර්ම ඩිප්ලෝමාව.

සාරභූමි කියන්නේ මගේ සිංහල බ්ලොග් අඩවිය. මේකට මුලින් මගේ නමම දාගන්න හිතාගෙන හිටියේ. පස්සේ සාරභූමි කියලා නම දාන්න මම හිතුවේ ඒ නමින් මම කියවලා තියෙන පරිවර්තන කෘතිය ඔලුවට ආපු නිසා. පොතේ කතුවරිය පර්ල් ඇස් බක්. ඉංග්‍රීසි පොත Good Earth. එකේ පරිවර්තකයින් තමයි ඌරාපොල හේමාලෝක හිමි සහ හේමපාල විජයවර්ධන. ඇත්තටම ගැලපෙන නමක්. අරගෙන කියවලා බලන්න. හේතුව තේරේවි.

ලංකාවේ අයට “මම දන්නා” Internet Money ගැන කියලා දෙන්න මෙතෙක් කල් වෙනකම් මම උත්සාහ කලේ නෑ. ලිව්වේ කඩ්ඩෙන් විතරයි, එකත් මගේ ව්‍යාපාරික උවමනාවන්ට. හේතු තියෙනවා ඒකට. එකක් තමයි, මිනිස්සු හදන්නේ පොඩ්ඩක් දැනගෙන ලේසි විදියකින් ගොඩක් හම්බ කරන්න. එහෙම කරලා අනාගත්තම බැනුම් අහන්න වෙන්නේ අර මුලින් දෙයක් කියලා දීපු එකාට. අනිත් එක තමයි ලංකාවේ E Money ගුරු-හොරු. දැනටමත් Internet Money කිව්වම ඔයාලගේ ඔලුවට එන මාසෙකට ලක්ෂයක් උපයන්න ඕනි නම් Ad ක්ලික් කරන්න වගේ දේවල් මේ හොරුන්ගේ වැඩ නිසා ඇති වුන ප්‍රතිපලයක්.

ලංකාවේ බහුතරයක් සිංහල E Money Blog හෝ Website බහුතරයක අරමුණ “කියලා දෙන එක” කියලා පෙන්නුවත් ඇත්තටම එයාලා කරන්නේ “කියලා කරවා ගන්න එක”. කොමිස් වෙනුවෙන් ආටිකල් ලියන එක්ක. අඩුම තරමේ Ref Link එකක් හරි දාන්නේ නැතිව මිනිස්සුන්ගේ අවබෝධය වෙනුවෙන් දැනුම වෙනුවෙන් එක ආටිකල් එකක් හරි ලියලා තියෙනවා නම් අන්න ඒ වගේ Blog එකක් Follow කරන්න.

මමත් මේකෙ ලියනවා මගේ අත්දැකීම්, අන්තර්ජාලය ඔස්සේ යම් අවදානමක් දරලා, උත්සහ කළොත් ගොඩක් හොඳ ප්‍රතිලාභ ගන්න පුළුවන් ස්වයං රැකියා, ව්‍යාපාර සහ ආයෝජන කටයුතු ගැන. Links අනිවා දානවා. ඒ වගේම මම උත්සාහ කරනවා තනියම තමන්ගේම කියලා ගමනක් යන්න පුළුවන් වෙන තරමට දැනුම ලබා දෙන්න සහ ඔලු ගෙඩි සුද්ද කරන්න. සේරටම කලින් මම කියලා ඉන්නම් අද දක්වා මම පැමිණි මාර්ගය කොහොම එකක්ද කියලා.

මම පටන් ගත්තේ කොතනින්ද?

මම Internet Money ගැන මොකුත්ම නොදන්න කාලෙක, මම තනිවම ආසාව නිසා පමණක් ග්‍රැෆික් ඩිසයිනින් ගැන ඉගෙන ගත්තා. ඒ දැනට වසර ගානකට කලින්. ඉන් පස්සෙයි අන්තර්ජාල පහසුකම ලබාගත්තේ. මම මුලින්ම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන් කියලා අහපු දවසේ විශ්වාස කලේ නෑ ඒක. පස්සේ ආසාව නිසාම එකක් එක දේවල් අත්හදා බැලුවා. බොරු කියන්න ඕනි නෑනෙ. මම පටන් ගත්තෙ ඇඩ් ක්ලික් වලින්. ඒක කාලය නාස්ති කිරීමක් කියලා තේරුම් ගන්න මට වැඩි කාලයක් ගියේ නෑ. ඉන් පස්සෙ මම දැනගත්තා Fiverr ගැන.

Fiverr?

මට හැකියාව තිබ්බා ග්‍රැෆික් සම්බන්ධව. ඒ නිසා මට හැකියාව ලැබුණා මුදල් උපයන්න පළමු වතාවට, අන්තර්ජාලය ඔස්සේ. ඒකට මම ස්තූති කරනවා ෆයිවර් වෙත. ඒත් දවසක මගේ හොදට ඕඩර්ස් තිබුන ෆයිවර් ගිණුම අත්හිටවනු ලැබුවා. මට හිතාගන්න බැරි උණා ඇයි කියලා. ෆයිවර් සපෝට් ටීම් එකෙන් ඇහුවා. එයාලා කිව්වා මගේ පරිගණකයේ IP යොමුව මගින් ගිණුම් කිහිපයක් හදලා කියලා. ඒක මගේ අන්තර්ජාල පහසුකම් සපයන්නා නිසා ඇති වුණ ගැටලුවක්. ෆයිවර් සපෝට් ටීම් එකට මම ඒක සාක්ෂි ඇතුව පෙන්නුවත් ඔවුන් අන්තිමට කිව්වේ අලුත් ගිණුමක් හදාගෙන වැඩ පටන් ගන්න කියලා. ඒත් මම දිග කාලයක් යනකම් ආයේ පටන් ගත්තේ නෑ. නමුත් මම දිගින් දිගටම අධ්‍යයනය කලා ෆයිවර් ගැන. ඒ මගින් සාර්ථක වෙන්නේ කොහොමද සහ ගිණුම පරිස්සම් සහගතව භාවිත කරන්නේ කියලා. මගේ අධ්‍යයන සාර්ථක වුණා. ඉන් පස්සේ මම නව ෆයිවර් ගිණුම් කීපයක්ම එකවර නිර්මාණය කලා. ඒ සේරටම ඕඩර්ස් හොඳින් ලැබුණා සහ මම හොඳින් මුදල් උපයා ගත්තා. මට ඉඩ ලැබෙන අයුරීන් ඒ ක්‍රම සහ උපායන් ගැනත් ලියන්නම්. කාලයත් සමග මම වෙනත් අන්තර්ජාල මුදල් උපයන ක්‍රම සමග කාර්ය බහුල වූ නිසා ඒ ගිණුම් කිහිපයක් වසා දමා තවත් කීපයක් විකුනා දැමුවා. අද මම ගොඩක් සක්‍රීය ලෙස ෆයිවර් වල වැඩ කරන්නේ නෑ. මොකද ඊට වඩා අඩු මහන්සියක් සහ කාලයක් යොදවලා වැඩි මුදලක් උපයා ගන්නා ක්‍රම මම අද දන්නවා.

ඒ මොනවාද?
මම එතැනට ආවේ කොහොමද?
කවුද මට උදව් කලේ?

මට අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන ක්‍රම ගැන ඉගෙනගන්න ලැබුනේ laxan dave (තිරසාර.com) නිසා. ඔහු මගිනුයි මම වර්තමානයේ ඉන්නා තැනට ආවෙ. සාරභූමි කියන මගේ මේ සිංහල වෑයම පටන් ගන්නෙත් laxan ගේ තිරසාර ව්‍යාපෘතිය නිසයි. තවත් කෙනෙක් තමයි Jay Neymar සහෝදරයා. ඔහු දැන් neymarmedia.com කරගෙන යනවා. ඔවුන් දෙදෙනාගෙන් මම ඉගෙන ගත් දේවල් මිල කල නොහැකියි.

Jay Neymar ගෙන් මම ඉගෙන ගත්තේ ගූගල් ඇඩ්සෙන්ස් සහ ඇෆිලියේට් මාකටින් ක්‍රම ගැන. ඔහු ඒ ගැන ස්පෙෂලිස්ට් කෙනෙක්. නමුත් ගොඩක් මහන්සි නොවී සහ කාලය වය නොකර ඒ ඔස්සේ මුදල් උපයන්න අමාරුයි. මම වැඩියෙන්ම අවධානය යොමු කරන Revshares ගැන මුලින්ම ඉගෙන ගත්තේ laxan ගෙන්. මම ෆයිවර් කරලා උපයාගත්තු මුදල් සමග මුලින්ම පටන් ගත්තේ MPA (MyPayingAds). කියන්න සතුටුයි. නියම මග පෙන්වීමක් සමග මම සාර්ථක උණා. ඉන් පස්සෙ ආපු ගොඩක් Revshare වැඩසටහන් වල මම මුදල් තැන්පත් කලා. සහ හොඳින් මුදල් උපයාගත්තා. ඒකට හේතුව මම මගේ Sponsorව නිවැරදිව අනුගමනය කිරීම සහ ඔහු සැබැවින්ම විශිෂ්ටයෙකු වීම නිසයි.

ඉන් පසු මම තනිවම ගමනක් යන්න උත්සාහ කලා. ඇත්තටම මම ගොඩක් සාර්ථක උණා. ඒ ගැන විස්තර කියන්න ඕනි නෑ කියලා මම හිතනවා. එක වරක් නම් මම අසමත් උනා. ඒ ගැන කියන්නම්. ඒ තමයි UnicornAds කියන වෙබ් අඩවිය. මම එතනදි මුදල් යොදවා පාඩු ලැබුවා. ඒකට හේතු උනේ මගේ නොදැනුවත් කම. ඒ වැඩසටහනේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නිවැරදිව අධ්‍යයනය නොකිරීම. ඉතින් ඒකත් මම ලබපු අත්දැකීමක් උනා වැරදීම් තුලින් ඉදිරියට යන්න. මම වර්තමානයේ මුදල් උපයන ක්‍රම සහ ඒවායේ අලුත් අප්ඩේට් ගැන ඔබට දැනගන්න පුලුවන් මගේ බ්ලොග් අඩවිය සමඟ රැඳී සිටියොත්. ඒ වගේම තමයි මට ගණන් කල නොහැකි තරම් කොමිස් කපුටන් මුණ ගැසී තිබෙනවා අන්තර්ජාලය තුලදී. මගේ අත්දැකීම් සමඟ ඔවුන්ව වෙන් කර හඳුනා ගැනීමේ ලක්ෂණ පවා මම දන්නවා. ඔබටත් උවමනා නම් අහන්න. මම කියලා දෙන්නම්.

අදටත් මගේ අතේ සතයක්වත් නෑ. අමු දුප්පතෙක්. දැන් කට්ටිය හිතයි අතේ සතේ නැතුව කොහොමද සල්ලි හම්බ කරන්න කියලා දෙන්නේ කියලා. ඇත්තටම අතේ සල්ලි නෑ. හැබැයි දැනෙන ගානක් තියෙනවා ආයෝජන වල. ඒකට හේතුව මම එක තත්පරයක්වත් කැමති නෑ මගේ කිසිම ඔන්ලයින් ගිනුමක මුදල් ඉතුරු වෙලා තියෙනවා දකින්න. ඒ සේරම අන්තිම සතේ දක්වා මම තවත් කොතැනක හෝ ආයෝජනය කරනවා. ලංකාවේ බහුතරයක් කරන්නේ ඉන්ටනෙට් එකෙන් කියක් හරි හම්බ කරගත්තු ගමන් අතට ගන්න දගලන එක. එතනින් එහාට සැලසුම් නෑ. අන්න ඒ මෝඩකම මාත් මුලදී කළා. දැන් නම් හැදිලා ඉන්නේ. අතට සතයක් හරි ලැබුණු ගමන් මම කරන්නේ තවත් ආයෝජනයකට දාන එක. තන්හාව නෙවෙයි මේ. Compounding strategy එක. එකත් මම විස්තර කරන්නම්.

මම ලියන සියලුම ලිපි සම්බන්ධව මම නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නවා. ඒ වගේම තමයි මගේ ලිපි වල අඩංගු සබැඳි ඔස්සේ යම් අඩවියක ලියාපදිංචි වන ඕනෑම අයෙකුගෙන් මම කොමිස් මුදලක් ලැබුවොත් එය මුලුමනින්ම හෝ ඉන් කොටසක් හෝ නැවත ඔහුට/ඇයට ගෙවීමට මම බැඳිලා ඉන්නවා. අද මම සිටින තැන ගැන ඇත්තටම මම සතුටුයි. ඒ වගේම මම ලියන දේවල් ගැන ඔබගේ අදහස් දැනගන්නත් මම ඉතාමත් කැමතියි. මගේ ලිපියකට කොමන්ටුවකින් හෝ, කන්ටෑක්ට් ෆෝම් එක පිරවීමෙන් හෝ මගේ ෆේස්බුක් පිටුව සමග සම්බන්ද වීමෙන් මගෙන් ඕනෑම දෙයක් විමසන්න ඔබට පුලුවන්. ඒ වගේම ඔබට පුලුවන් මගේ සොයාගැනීම්, නවතම මුදල් උපයන අවස්ථා, වංචාකාර වෙබ් අඩවි පිලිබඳ පුවත් අඩංගු වැදගත් සහ අධ්‍යාපනික ඊමේල් ලිපි පෙලත් නොමිලයේ ලබා ගන්න. ඒ සඳහා මෙහි ඊමේල් ලිපිනය යොදා සබ්ස්ක්‍රයිබ් කරන්න. Internet Money පටන් ගන්න හදන කෙනෙක්ට වගේම දැනටමත් පටන් ගත්ත කෙනෙක්ටත් අනිවා වැදගත් වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි මම ඔබට යෝජනා කරනවා හැම දෙකටම කලින් මේ බ්ලොග් අඩිවියේ privacy policy එක කියවලා ඉන්න කියලා.

ස්තුතියි.