Advertising Revenue Sharing Programs කියන්නේ අද දවසේ ගොඩක් දෙනෙක් අන්තර්ජාලය හරහා ආදායම් උපයන ලේසිම මාර්ගයක්. ඔයාට තියෙන Experiences මොනවද? Skills මොනවද? එව්වා අදාළ නෑ. ඕනිම කෙනෙකුට කරන්න පුළුවන්. ඒ වගේම මේක තවත් කොටසක් තමන්ගේ මුදල් නැති කරගන්න මාර්ගයක්.

හැම දෙකම දෙපැත්තක් තියෙනවා වගේ මේ Revshares වලත් තියෙන අඳුරු පැතිකඩ ගැන මම අද කතා කරන්න හදන්නේ. ඉතින් පටන් ගන්න කෙනෙකුට මේක වැදගත් වෙයි තමන්ගේ මුදල් ප්‍රවේශම් කරගන්න.

හැබැයි ඉතින් කියන්න තියෙන තිත්ත ඇත්ත කෙලින්ම කියනවා. රිදෙන උන්ට රිදෙයි. වදින උන්ට වදියි.

මම කුප්පිය Forum එකේ දවසක් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා මම ලියන්න හිතාගෙන ඉන්න Revshare Article එකකට විස්තර එකතු කරගන්න හිතාගෙන. ඒකට කෙනෙක් මෙහෙම Comment එකක් දාල තිබුනා.

පටන් ගන්නකොට ඕව පටන්ගන්න අණබෙර ගහලා. ඒ වගේම promote කරන අයත් රෙෆ් ගන්න තමන්ගේ අල්ලපු ගෙදර මනුස්සයා වගේ විස්තර කියන්නේ ඊට පස්සේ විස්තරේට යටින් දානවා අවධානමට ලක්කළ හැකි ප්‍රාග්ධනය පමණක් යොදවන්න කියල. promote කරලා ලොකු ගානක් යොදවපු කෙනා සතියෙන් දෙකෙන් සල්ලි ගන්නවා මොකද ලොකු ගානක් යෙදවීම සහ රෙෆ් මගින් cashout කරපු ඒවා දාලා තවත් රෙෆ් එකතු කරගන්නවා , ඒ පොර හැමදාම ගොඩ මාසෙකින් දෙකකින් සයිට් එක scam උනාම අනිත් අයට දුක තමා.

ඒක හැබැයි 100%ක් ඇත්ත නෙවෙයි. බොරුත් නෙවෙයි. ගොඩක් දෙනා වරද්ද ගන්නවා. එහෙම වෙන්නේ ඇයි? හරියාකාරව මේ අවධානමකට ලක් කල හැකි ප්‍රාග්ධනය කියන වචන සෙට් එක ඔලුවට නොගන්න නිසා. ඔයාල හිතන් ඉන්නවට වඩා ඒ වචන ටික බරපතලයි. මේ කිව්වටත් මම හිතන්නේ නෑ ඔයාල මේ වචන ටිකේ තියෙන බර ඇත්තටම තේරුම් ගත්තා කියලා.

අනික තමයි හරි Sponsor ව තෝරා නොගැනීම. ඉතින් එහෙම Promoter කෙනෙකුට අහු වෙලා තමන්ගේ සල්ලි නැති කරගන්නේ මේ Field එකේ හොඳ සහ අවස්තාවන් විතරක් දැකපු වරදින්න පුළුවන් තැන් සහ වරද්දගන්න පුළුවන් තැන ගැන අවබෝධයක් නැති අය. ඒ නිසා ඕනිම කෙනෙක් මේ Revshare Field එකට බහින්න කලින් හොඳ නරක දෙකම දැනගෙන ඉන්න එක හොඳයි.

ආදායම ගැරන්ට් කරන්න බෑ

Revshare Program එකක් කියන්නේ Advertising Packages අලෙවි කරන තැනක් කියලා ඔයා දන්නවනේ? මේකෙදි අපි ගන්න Adpacks වලට අනුව Site එකේ දවසේ ආදායම අපි අතරේ බෙදා හැරීමක් වෙන්නේ. ඉතින් සයිට් එකේ මේ Adpack වලට අමතරව තව Banner Ads, PTC Ads, Login Ads, තව අනන් මනන් විකුනනවා. Affiliate Sales කරනවා.

මෙන්න මේ වගේ දේවල් වලින් තමයි සයිට් එකට ආදායම් එන්නේ. ඒ එන හැටියට තමයි සාමාජිකයෝ අතර බෙදෙන්නේ. ඉතින් විකුණුම් නැති උනොත් සාමාජිකයින්ට ගෙවන්න ලැබෙන්නෙත් නෑ. මෙන්න මේ නිසයි කිසිම Revshare Program එකක Daily Cap එකවත්, Adpack එකක් Mature වෙන්න යන කාලයවත්, Guarantee කරන්නේ නැත්තේ.

ඉතින් ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් Offer කරන විදියට ඉහල ROI එකක්, Daily Cap එකක්, වැඩි Commission Percentage එක්ක ඒවා වැඩි කාලයක් ඇදගෙන යන්න බැරිව Scam වෙන්නේ මේ නිසයි. සාමාජිකයින් එකතු වෙන තරමට Site එකේ Sales වැඩි නොවන නිසා. ඉතින් ඒ වෙනුවට සමහර Revshare Program අයිතිකාරයෝ වෙනත් ආදායම් මාර්ග, (Forex, Crypto-Trading) යොදාගන්නවා. නමුත් ඇත්තටම එහෙම කරනවද නැද්ද කියලා වෙනම හොයලා බලන්න ඕනි.

පොඩියට කරලත් බෑ

මුදල් යොදවන්නේ නැත්නම් හරිහමන් ආදායමක් එන්නෙත් නෑ. කෑශ් ලින්ක් වලින් පොඩි ගානක් හොයන්න බැරි නෑ. ඒත් ඒක PTC කරනවට වඩා වෙනසකුත් නෑ.

දැනෙන ගානකින් පටන් ගන්න ඕනි. පොඩි පොඩි ගණන් දාල ගොඩ යන්න බැරිම නෑ. ඒත් ඉතින් Stable Revshare Program එකක් සෙට් උනොත් තමයි. Short හෝ Mid Term Revshare එකක් එක්ක ගේම ගහන්න පොඩි පොඩි ගණන් දාල බෑ. හරි ගමන් ගානක් එනකම් Compound කරලා බලද්දී Site එක Scam වෙලත් තියේවි.

Scam වලට අහු නොවී බේරෙන්න පොඩි ගයිඩ් එකක් මම ලියල ඇති. ඒකත් බලන්න.

Revshare Programs SCAM ද කියලා හොයාගන්න හැටි

Referrals

පොඩියට පටන් අරන් ලොකු කුට්ටියක් එක්කහු කරගන්න හිතන් ඉන්නවා නම් රෙෆ්ලා හදාගන්න ඕනි. සමහරු ප්‍රොමෝට් කරන්න බයයි. ලංකාවේ එවුන්ගේ හැටි දන්නා නිසා. අනික ලංකාවේ අයගේ විශ්වාසය දිනාගැනීම හරි දේවල් වලින් දුෂ්කරයි. බොරු කිව්වොත් නම් එයි පෝලිමේ. තාමත් අපේ උන් E-Money කියලා යන්නේ සීනි බෝල කතා කාරයෝ පස්සෙන්. අනේ මන්දා මේ හැටිය කවදා කොහොම වෙනස් වෙයිද කියලා.

Payment Proofs

Payment Proof සහ Site වල පෙන්නන Earning Balance ඇස රවටන සුළුයි. මේ Payment එක ගන්න එයා කීයක් යෙදෙව්වද? කොයි තරම් කාලයක් ගියාද? සමහර විට මේ Earnings විතරක් ම නෙවෙයි Commission එකත් ඇතුලත් ඇති. Payment Proof Screenshot එකක් අස්සේ මේ වගේ නොකියවුණු කතන්දර නම් බොහොමයි. ඒ නිසා නිකන් Screenshot විතරක් විශ්වාස නොකර විශ්වාසවන්ත මිනිස්සු විතරක් හොයාගන්න.

Plan Your Strategy

Seed අදින්න ඉක්මන් උනත් පාඩුයි, පරක්කු උනත් පාඩුයි. ඒ වගේම Program එක හොඳට Study කරලා Time ඔයාගේ විදියට Frame එකක් හදාගන්න, Cal එකක් තියේ නම් ඒකත් Use කරන්න. කරන්නන් වාලේ කලොත් ඔයාගේ පස්සේ දොරෙන් සල්ලි යනකම් ඔයාම දන්නේ නෑ. Daily Earning ගැනත් අවධානෙන් ඉන්න.

Commission කාක්කෝ

මේ තමයි බරපතලම ප්‍රශ්නේ. විශේෂයෙන්ම ලංකාවේ. ගොඩක් එවුන් කෑ ගහනවනේ මේ Field එකේ උන් සුරංගනා කතා කියලා කොල්ලන්ව රවටනවා කියලා. ඉතින් කියන්නා කෙසේ කිවත් අසන්න සිහි බුද්ධියෙන් අහන්නයි ඕනි.

Sponsor කෙනෙක් තෝරගනිද්දී තමන් බුද්ධිමත් වෙන්න ඕනි. එතකොට කාටවත් කෑ ගහන්න වෙන්නේ නෑ. මොකෙක් හරි සතෙක් ඇවිත් ඉර හඳ දෙන්නම් කියලා කියනකොට ඒකටත් අහු වෙන ජාතියේ බබාලා ඉන්නවා නම් ඒ වගේ අය මේ Field එකට ගැලපෙන්නේ නෑ.

සමහරවිට අපිත් හොරු තමයි බං

හිතන්නකෝ අපි දැන් කරන්නේ Short Term Revshare එකක්. අපි ලොකු ගානක් දාගෙන මුලදීම Join වෙලා වැඩේ හරියට කරගෙන යනවා. ඒත් ඇත්තටම සයිට් එක වැඩ කරන්නේ Ponzi Scheme එකට. ඒ කියන්නේ අපි මේ Profit කියලා අතට ගන්නේ තව කවුරු හරි අසරණයෙක්ගේ මුදල්.

සල්ලි එනකොට මේවා හිතෙන්නේ නැති උනත් ඇත්ත තිත්තයි බ්‍රෝ. මේ පැත්තෙන් එකෙක් දිනනකොට ඒ පැත්තෙන් දෙන්නෙක්වත් අඩුම පරදිනවා. ඕනිම Revshare Site එකක් මාස කීපයක් යනතුරු තමන්ගේ Sales වලින් Profit දෙයි. කාලයක් යනකොට තමයි  Ponzi Scheme වැටෙන්නේ. ඒක කල් තියා හඳුනාගන්න එක අපේ වැඩක්. නැත්නම් අපිත් දැන හෝ නොදැන හවුල් වෙන්නේ අනුන්ගේ සල්ලි නිත්‍යානුකුලව හොරකම් කරන්න.

No Business Transparency

මේ Programs වල කිසිම විනිවිදභාවයක් නෑ. ඇත්තටම Site එකේ දවසේ ආදායම කොහොමද? අපිට නියමිත ප්‍රතිශත වලින් ගෙවනවද? නැත්නම් ඇඩ්මියා මාටියා ගහනවද? අපි එව්වා දන්නේ නෑ. සේරම Site Script එකෙන් පෙර සැකසුම් කරලා තියෙන්නේ. ඕනි වෙලාවක ඇඩ්මින්ට වෙනස්කම් එකතු කරන්නත් පුළුවන්. අපිට ඒවා කියන්නේ නෑනේ.

කිසිම දෙයක් සදාකාලික නෑ

මේ Revshares කියන්නේ කොහෙත්ම ස්ථිර ආදායම් මාර්ග නෙවෙයි. වැඩිම කාලයක් දැනට ඇදගෙන ආපු MPA පවා දැනට දෙතුන් පාරක් හෙල්ලුනා. එක පාරක් පේපැල් හින්දා නප්පියටම වැටුනා. ඒත් තාම ඇදගෙන යනවා උදය නාරාගේ Marketing ඔලුගෙඩිය සහ Promoting වලට පින් සිද්ද වෙන්න. ඒත් බහුතරයක් මාස 5, 6 කට වඩා ඇදගෙන ගිහින් නෑ නේද?

ඉතින් මේ ඇත්ත තේරුම් අරගෙන, ඔයත් අලුත් එකකට Join වෙනවා නම්, උපරිම මාස කීපයකින් ගේම ගහන්න හොඳ Strategy එකක් Plan කරලා මුල් සතිය හෝ දෙක ඇතුලත Program එක පටන් ගන්න.

Revshares Life Cycle

ගොඩක් Revshare Programs යන්නේ මෙහෙමනේ? මුලදී ගාටනවා. හෙමිහිට ගෙවාගෙන යනවා. ටිකක් කට්ටිය එකතු වෙලා ප්‍රොමෝට් වෙනකොට ඔන්න එනවා ස්වර්ණමය අවධිය. මෙම්බර්ස්ලා වේගෙන් වැඩි වෙනවා. සුපිරියට ගෙවන්න වෙනවා. ඉතින් මාස දෙකක් වගේ යනකොට නහයට උඩින් වතුර යන්න පටන් ගන්නවා.

අන්න එදාට තමයි Admin පැදුරටත් නොකියා පැනල යන්නේ. සමහර විට අලුත් අලුත් අප්ඩේට් එන්නේ මේ කාලේ පොඩ්ඩක් හරි Program එක බේරගන්න පුලුවන්ද කියලා Test කරලා බලන්න. ඒත් හරි නොගියොත් මේකට පස්සේ ආපු සෙට් එකට බබා හම්බු වෙනවා.

මේ Article එක කියවන ගොඩක් දෙනාට මතක ඇති. 10AdsPay එකට ගොඩක් දෙනා එකතු උනේ එකේ ස්වර්ණමය අවධියේ අවසාන භාගයේදී. මොකද අලුත් අය, ගොඩක් දෙනා, 10AP ගැන දැනගත්තේ ඒ කාලේ. ඒ Site එක මැදදී Join උන ළඳරු Sponsorලා මගින්. ඉතින් පටන් අරන් ටික කාලයක් යද්දීම වෙච්චි සංගදිය මතක ඇතිනේ?

දැන් අලුත් අප්ඩේට් ටිකකුත් ඇවිල්ල පුළුවන් තරම් ආදායම් හිරකරලා, ප්‍රෝග්‍රෑම් එක ගොඩ දාගන්න උපරිම ට්‍රයි එක දෙනවා. ලඟදි ජනප්‍රිය වේගෙන ආපු TTI එකත් එහෙමම තමයි. මේවා අලුතින් පටන් ගන්න කාලේ ගෙවිලා ගිහින් ගොඩක් කල්.

ඉතින් ඕනිම Revshare සයිට් එකක් නැගලා එන කාලේ මේක එල කියලා Join වෙන්න කලින් හිතන්න. ඔයාල සෙට් වෙනකොට සයිට් එක පට්ට ඇති. ඒත් එකවුන්ට් එක Build කරලා Seed අදින කාලේ Profit ගන්න හදන කාලේ එනකොට සයිට් එක පණ අදිනවා වෙන්න පුළුවන්.

No Trusted Admins Here

විශ්වාසවන්තයෝ කියලා ජාතියක් මේ ඒරියා එකේ නෑ මචන්. හම්බ උනොත් අපේ වාසනාව. ඕනිම Revshare එකක් Run වෙන්නේ ඇති විශාල අවධානමක් ඔලුව උඩ තියාගෙන. ඒ නිසා ඕනිම Admin කෙනෙක් තමන්ගේ ගැලවීමට ගන්න ඕනි සේරම පියවර Program එක Start කරද්දීම අරගෙන ඉවරයි.

ගොඩක් දෙනා Site Disclaimer Note එක, Privacy Policy T&C එක, සම්මකපේකට කියවන්නේ නෑ. කවුරු හරි මනුස්සයෙක් කියන එකක් අහලා අන්ධයෝ වගේ අර Terms & Conditions කොටුවට හරියක් දාල Join වෙනවා. සමහර විට එකේ වහෙන් ඔරෝ භාෂාවෙන් ලියලා තියෙන්නේ ඇති Scam උනත් Admin වගකීම් ගන්නේ නෑ කියලා. ඒ නිසා Site එක Scam උනත් අපිට නිත්‍යානුකුල පියවරක් ගන්න තියෙන ඉඩකඩ සීමිතයි. සමහර විට ඇත්තෙම නෑ.

අද දවසේ ගොඩක් Site ඇඩ්මින්ලා Real Accounts වලින් එන්න පටන් අරන්. ඒ අපේ ව්ශ්වාසය වෙනුවෙන්. ඒත් එහෙම ශේප් එකේ ඉඳලත් ඌ අපිට පොල්ල තියන්න පුළුවන්. බැරි කමක් නෑනේ. ඩොලර් ලක්ෂ කෝටි ගානක් යටිමඩි ගහගත්තට පස්සේ ආයේ ඌට අන්තර්ජාලේ පලාතකවත් එන්න ඕනි නෑ. පරම්පරාවම ගොඩ යන්න හම්බෙලා ඉවරනේ. අනික කොහොමද ගිහිල්ලා ගේම ඉල්ලන්නේ ඌ ඉන්නේ අල්ලපු වත්තේ නෙවෙයිනේ?

තනියෙන් කොරන එකත් ලේසි නෑ

අනිත් එක තමයි මේ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් සෙට් වෙලා Run කරන Programs වල පොඩි පරහක් තියෙනවා. අපේ Withdrawal Requests Accept කරන්නේ ගොඩක් විට එක්කෙනෙක්. ඌ මැරුනොත් අනිකා අතරමං වෙනවා අපිත් එක්කම. තනි ඇඩ්මින් කෙනෙක් Run කරන Program ගැන නම් කතා කරලා වැඩක් නෑ. මේ ලඟදි TTI Adminට උණ ගැනිලා සෑහෙන දවසක් Withdraws Pending වුනා, TTI කරන කට්ටියට මතක ඇතිනේ.

නෝක්කාඩු කියන්න බෑ

අපි මේ Adpacks ගන්නවා කියලා කරන්නේ සේවාවක් මිලදී ගැනීමක්. ඒ වගේම අපි එයාලගේ T&C වලට එකඟ වෙනවා Account එක Create කරද්දීම. ඒ නිසා අපිට බෑ ගොඩක් විට අපේ Payment Processor එක හරහා Dispute එකක් දාන්නවත්.

Admin Rights

Adminට කැමති කැමති වෙලාවක කැමති විදියේ අප්ඩේට්ස් ගෙන්න පුළුවන්. මුලින්ම 130%ක් ROI, 15% Ref Commission, වගේ ලොකු කුට්ටි පෙන්නලා කට්ටියව සෙට් කරගෙන ඒ කට්ටිය තම තමන්ගේ Account එක Compound කරලා Seed Withdraw කරන්න ලැස්ති වෙනකොට ඔන්න ඇඩ්මීයා ගේනවා අප්ඩේට් ටිකක් මුලදී ලොවෙත් තිබුනේ නැති.

Withdraw එකට Fees 2%යි. අලුතෙන් හඳුන්වා දෙනවා සාමාජික ගාස්තු, ගෙව්වේ නැත්නම් ආදායම් Stop. උපරිම Withdraw Limit එක අඩු කරනවා. අයි ඇහුවොත්, මෙහෙම කරන්නේ අපි වෙනුවෙන් Program එක Stable කරන්නලු. එහෙම වෙන්නැති. ඒත් දැන් ඉතින් කට්ටියට උදාහරණ හෙමත් මතක් වෙනවා ඇතිනේ.

ඉතින්?

අපි වටේ පිරිලා තියෙන්නේ මේ සමාජයේ විවිධාකාර වු මිනිස් චරිත වලින්. මේ ලෝකේ ටිකක් විතර හොඳ තියෙද්දී බහුතරයක් රැවටීම් වලිනුයි පිරිලා තියෙන්නේ. ඒ ඕනිම කෙනෙක් අපිට Offer කරන දෙයක් පිළිගන්නවාද නැද්ද කියලා තීරණය කරන්නේ අපි අපිමයි. ඒ තීරණය හරි ගියා හෝ වැරදුනා හෝ ඒකට වගකිවයුත්තෙත් අපිමයි. මේ ඇත්ත පිළිගන්න හෝ තේරුම් ගන්න බැරි ඕනිම කෙනෙක්, කරුණාකර මේ Internet Money Field එක දිහා හැරිලාවත් බලන්න එපා. තමන්ට පුළුවන් වැඩක් කරගෙන පාඩුවේ ඉන්න. බැරි වැඩ හෝ නොදන්නා වැඩ කරන්න ගිහින් අනාගන්නවට වඩා, දන්නා දෙයක් කරගෙන පාඩුවේ ඉන්න එක තමයි ඇඟට ගුණ.

revshares not for babies.jpg

කොච්චර රිදුනත් මේක කියන්න ඕනි.
අවදානම කියන වචනේ හරියට තේරුම් ගන්න බැරි එකාත්,
තන්හාව කෑදරකම වැඩි එකාත්,
කඩ්ඩ බැරි එකාත්,
තමන්ට වැරදුනාම අනුන්ට ඇඟිල්ල දික් කරන එකාත්,
සයිබර් සමාජයේ හොඳ නරක එවුන් වෙන් කරගන්න බැරි එකාත්,
පලයව් අනිත් පැත්ත හැරිලා. උබලට Revshares කරලා ගොඩ යන්න බෑ.

මම ඊළඟ ලිපියේ අන්තර්ගතය, Revshares වලින් ගොඩ යන්න tips සහ Tricks අඩංගු Strategies ටිකක්. තමන්ගේ අතේ ඇති මුදලට Program එකේ ස්වාභාවය අනුව, Cal එකත් Use කරලා තමන්ගේම කියලා Plan එකක් හදාගන්න පොඩි උදව්වක්. ඉතින් අන්තර්ජාලේ කරක් ගහලා හොයලා කියලා මේවත් ඉගෙනගෙන තනියම කන්නේ නැතුව අනිත් යටත් දැනගන්න මම ඒවා සාරභූමි Blog එකේ ලියනවා. ඒ හින්ද අදහසක් නැත්නම් ප්‍රශ්නයක් තියේ නම් කොමන්ට් එකක් දාන්න.

මම කාටවත් කිසිම Revshare එකක් “Recommend” කරන්නේ නෑ. නමුත් අවුලක් නෑ කියල කියන්න පුළුවන් මම කරන ඒවායින් MPCA, FAP, සහ WWE (Mid Term) විතරයි. ඒකත් අද හෙට පටන් ගන්න අයට. WWE එකත් කරනවා නම් ඉක්මනට පටන් ගන්න තරමට හොඳයි.

MyPayingCryptoAds Review එක සුද්ද සිංහලෙන්
World Wide Earning (WWE) ගැන සිංහලෙන්

මේ වගේ ලිපි ඔයාගේ email එකටත් ගෙන්න ගන්න, මතක ඇතුව මගේ Email List එකටත් Join වෙන්න.

Advertisements