[දැන් මේක වැටිලා ඉවරයි. කරන්න එපා කවුරුවත්. ]

මේක ප්‍රොමෝට් කිරීමක් නෙවෙයි. මොකද එහෙම කරන්න දැන් පරක්කු වැඩි නිසා. ගොඩක් ලංකාවේ අය දැන් MPCA කරනවනේ. එහෙමයි කියලා මේක අපක්ෂපාති විවරණයකුත් නෙවෙයි. ඉතින් ඔයාලා කියවලා බලන්න මම MPCA එකට කඩේ යාම කොයි තරම් සාර්ථකව සිදු කරලද කියලා.

MyPayingCryptoAds.Com

MPCA පටන් ගන්නේ උදය නාරා (Nalam Satyanarayana) විසින් 2016 නොවැම්බර් 10, එයා සාර්ථක විදියට පවත්වාගෙන යන MPA එකට අමතරව. ඕනිම Payment Processor එකක් එක්ක වැඩ කරන MPA තියෙද්දීත් එයා BTC විතරක් Payment Processor එක විදියට භාවිත කරන MPCA පටන් ගන්න හේතුව මොකක්ද?

Bitcoin Price Fluctuation

බිට්කොයින් වල මිල කාලයත් තිස්සේ වේගයෙන් ඉහල පහල නගිනවා. පොඩ්ඩක් නෙවෙයි. ලොකු ලොකු පරතර වලින්. බලන්නකෝ පහල රුපය දිහා.

bitcoin price chart 2017.PNG
Bitcoin Price Chart 2017

හිතන්නකෝ, ඔයා TAT එකේ, 10AP, එකේ MPA එකේ, බිට්කොයින් වලින් ඩිපොසිට් කළා කියලා. එදා දවසේ BTC/USD අගය $800ක් කියමු. ඒ කියන්නේ BTC එකක් ගන්න USD 800ක් ඕනි. අපි රවුම් ගානක් ගමු ඔයා ඩිපොසිට් කලේ බිට්කොයින් 2යි කියලා. එතකොට සයිට් එකේ පෙන්නන්නේ ඩොලර් වලින් නිසා එකේ ඔයාගේ ඩිපොසිට් එක $1600යි. අවුලක් නෑ. ගාන හරි.

ඉන් පස්සේ මාස 2කින් විතර ඔයා Seed Money එලියට අදිනවා. ඒ කියන්නේ $1600ක්. ඒත් මේ මාස 2ට බිට්කොයින් වල අගය ඉහල ගිහින්. දැන්  BTC/USD අගය 1000ක්. එතකොට ඔයාගේ BTC Wallet එකට එන්නේ BTC 1.6යි. දානකොට Seed එක දානකොට 2 BTC. ගන්නකොට 1.6 BTC. කාටද පාඩු? අපිටනේ.

මේක මඟ හරවාගන්න පුළුවන් අපි BTC ඩිපොසිට් කරලා USD වලින් Withdraw කලොත්. ඒත් ගොඩක් සයිට් වලින් එහෙම කරන්න දෙන්නේ නෑ. බැරි වෙලා හරි බිට්කොයින් අගය අඩු උනා නම් වෙන්නේ ඕකේ අනිත් පැත්ත. එතකොට අපිට වාසියි සයිට් එකට අවාසියි.

අන්න ඒ නිසයි උදය නාරා මේ වගේ Bitcoin ප්‍රධාන Payment Processor එක කරගත්තු වෙනම ප්‍රෝග්‍රෑම් එකක් හඳුන්වා දෙන්නේ. ඒ වගේම Field එකට ආපු මුල්ම Crypto Currency පාදක Revshare එක වෙන්නෙත් MPCA. Online Marketing වලදී Payment Processor තෝරාගන්න එක ගැන මම වෙනම ආටිකල් එකක් Draft කරලා ඇති. ඉක්මනට අඩුපාඩු බලල ඒකත් පල කරන්නම්.

Website එක

MyPayingCryptoAds වෙබ්සයිට් එකට යොදාගෙන තියෙන්නෙත් MPA වල වගේම proXscript එකේ Pro Edition එකක්. සයිට් එක සිම්පල්. Loading Speed එක හොඳයි. පෙනුම ගැනත් අවධානය යොමු කරලා ග්‍රැෆික් වල විච්චුර්ණ අඩුවට හැබැයි වෘත්තියම විදියට සයිට් එක Develop කරලා තියෙනවා. Revshare එකක පැවැත්මට Site Script එක සහ Quality එක මොන තරම් වැදගත්ද කියන්න ඕනි නෑනේ? ඉතින් හොර වැඩ අවම කරන්න පුළුවන් වෙන්න හදපු කස්ටමයිස්ඩ් ඩිසයින් එක එයාලගේ බිස්නස් එක Up වෙන්න ගොඩක්ම බලපාල තියෙනවා.

MPCA Owner

10995837_328630617329864_2724247537625299013_n.jpg
MPCA Owner

ප්‍රෝග්‍රෑම් අයිතිකරු වෙන Uday Nara කියන්නේ Revshares Field එකේ අද වෙනකම් තමන්ගේ නම පරිස්සම් කරගත්තු කොට මිටි එල පොරක්. මුලදී MPA එක්ක වැඩ කරපු Paypal එකෙන් Site එකට Case වැටුනට පස්සෙත් කොහොම හරි Scam නොවී සයිට් එක බේරාගෙන මුදල් Deposit කරපු සාමාජිකයින්ගේ සල්ලිත් සතයක් නෑර ගෙවපු කෙනෙක්. ඒ විශ්වාසය නිසයි අද වෙනතුරු ඔහු Field එකේ අංක 1ට ඉන්නේ. උදය නාරා දැනට ජිවත් වෙන්නේ සිංගප්පුරුවේ. ඒ වගේම එහෙ National University එකේ Researcher කෙනෙක් විදියට වැඩ කරපු Electrical Engineering ගැන PhD උපාධිධාරියෙක්.

Program Concept එක

ඕනෑම Revshare එකක වගේ MPCA එකෙත් කෙරෙන්නේ අපි ගන්න Adpack වලට අනුව ඒවා කල්පිරෙනකම් පැයකට වරක් එයාලගේ Earnings අපි අතරේ බෙදා හරින එකයි. ඉතින් තේරෙන සිංහලෙන් කිව්වොත්, එයාලා Advertising සමාගමක්. අපි කරන්නේ එයාලා ඉදිරිපත් කරන මිල ගණන් වලින් දැක්වෙන Advertising පැකේජ / Adpack මිලදී ගැනීමක්.

ඉතින් ඒ පැකේජ කල් පිරෙනකම් Site එකේ විකුණුම් වලට ලැබෙන ආදායම් අපි අතරේ බෙදලා දෙනවා. මේ ආදායම දවසට මෙපමණයි කියලා හෝ කල් පිරෙන්න මෙපමණ කාලයක් යනවා කියලා හෝ එයාල ස්ථිර කරන්නේ නෑ. ආදායම් ලැබෙන හැටියට තමයි බෙදෙන්නේ.

Adpack Plans සහ ROI

MPCA වෙතින් වර්ග 5ක Advertising පැකේජ ඉදිරිපත් කරනවා. පොඩ්ඩක් පහත රූපය බලන්නකෝ.

mpca adpack details.PNG
MPCA Adpack Plans

ඒ ඒ පැකේජ් එකේ මිල ගණන් Bitcoin වලින් දක්වලා තියෙන්නේ පිලිවෙලින්, 0.01, 0.03, 0.05, 0.1 ආදී වශයෙන්. ඔයාට පුළුවන් මේ ඕනිම Adpack පැකේජ් එකක් හෝ වැඩි ගණනක් මිලදී ගන්න. ඒ එක් එක පැකේජයේ යටින් දැක්වෙන්නේ ඔයා මිලදී ගන්න Advertising පහසුකම්. උදාහරණයක් විදියට ඔයා 0.01 BTC ප්ලෑන් එකෙන් එක pack එකක් ගත්තොත් ඊට අදාලව Rotating Banner Ads Credit 5000ක් ලැබෙනවා.

මේ ප්ලෑන් කැමති එකක් ඔයාට ගන්න පුළුවන් උනත් පළමු ප්ලෑන් 3න් ඔයාට ගන්න පුළුවන් උපරිම Adpacks 100ක් දක්වා විතරයි. අන්තිම දෙකෙන් නම් උපරිම 1000ක්.

මේ එක එක පැකේජයේ Return එක ඔයා ගත්තු ඕනිම Adpack එකක් වගේ 120%ක් ලැබෙනකම් ඔයාට එනවා. ඒ කියන්නේ ඔයා “යොදවපු මුදල + 20%” ක් වෙනකම්. උදාහරණයක් විදියට ඔයා 0.01 ඒවා එකක් ගත්තොත් ඔයාට ආපහු එනවා මුළු ආදායම 0.01 + (0.01x 20%) = 0.012.

මේ එක Adpack එකක් Expire වෙන්න යන කාලය නිශ්චිත නෑ. 120% වෙනකම් දිගටම Site එකේ ආදායම අනුව දවස ගානේ ආදායම් එනවා. ඒත් ආසන්න වශයෙන් මාස දෙකක් තමයි දැනට තියෙන ඇවරේජ් එක. දවසට ලැබෙන ආදායම ආසන්න වශයෙන් 2% හෝ උපරිම 2.5%ක්. ඒකත් ලැබෙන දවසේ ආදායම අනුව තමයි තීරණය වෙන්නේ.

ඉතින් මෙහෙම කරලා ලබන ආදායම ලොකු එකක් නෙවෙයි නිසා නිශ්චිත සැලසුමක් ඇතිව වැඩි මුදලක් යොදවලා, උපදින ආදායම නැවත නැවත යොදවලා, තමන්ගේ ගිණුම වර්ධනය කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. මම ඒක කරන්නේ කොහොමද කියලා පහලින් දාන්නම්.

ඔයාගේ Adpack වලින් එන ආදායම කැමති නම් නැවත නැවත Repurchase නොකර Withdraw කරන්න පුළුවන්. Repurchase Rule එකක් නෑ. නමුත් Membership එකක් තියෙනවා. මුල් ප්ලෑන් එකෙන් Adpacks ගන්නවා නම් නම් ෆ්‍රී. ඒත් අනිත් Plans වලින් Adpacks ගන්නවා නම් සාමාජික ගාස්තු වශයෙන් රුපයේ දක්වලා තියෙන විදියට මාසිකව මුදල් ගෙවන්න වෙනවා.

කෝ එතකොට 5 වෙනි Adpack ප්ලෑන් එක?

මේ 5 වෙනි ප්ලෑන් එක ආවේ MPCA වලට හඳුන්වලා දුන්නු අලුත් අප්ඩේට් එකත් එක්ක. එකේ Advertising Features සේරම 4 වෙනි ප්ලෑන් එකට සමානයි. වෙනසකට තියෙන්නේ මේකේ Adpacks ගන්න පුළුවන් සෘජුවම Payment Processor එක හරහා (Bitcoin) හෝ Cash Balance එකෙන් විතරයි. කොමිස් වලින් බෑ. ඒ කියන්නේ මේ අලුත් Plan එක හඳුන්වලා දීල තියෙන්නේ Site එක ඇතුලට අලුතින් මුදල් ගලා එන්න සලස්වන්න.

Adpack Purchase වලදී Fees 2%ක් අය කෙරෙනවා. (New Update)

How To Earn Money with MPCA?

MPCA ඔයාට මුදල් උපයාගන්න ක්‍රම 3ක් දක්වලා තියෙනවා.

01. AdPacks මිලදීගෙන දෛනික ආදායම් ලබා ගැනීම

ඒ ගැන උඩින් කිව්වනේ? ඔයා ගන්න Adpack එක සහ ගණන අනුව මුළු ආදායම 120%ක් එනකම් ආදායම් එනවා. මේ සඳහා සුදුසුකම් ලබන්න ඔයා කරන්න ඕනි අඩුම තරමේ එක Adpack එකක් හෝ මිලදී ගැනීම සහ දෛනිකව Site එකට Log වෙලා එයාල දෙන Ads 10ක් Surf කරන එක. මේ Ads 10 Surf කලේ නැත්නම් ඔයාට ආදායම් එන්නේ නෑ. ඒකත් මහා වැඩක් නෙවෙයිනේ? උපරිම මිනිත්තු 5ක් යයි.

02. Referral Commission

ඔයා Site එකට හඳුන්වා දෙන හැම Referral කෙනෙක් වෙනුවෙන්ම ඔයාට කොමිස් එනවා. එයා මිලදී ගන්න සෑම Adpack එකක් වෙනුවෙන්ම ඔයාට උපරිම 6%ක් දක්වා සහ වෙනත් ඕනෑම මිලදී ගැනීමක් වෙනුවෙන් උපරිම 10%ක් දක්වා කොමිස් එකක් එනවා. අනිත් Site වගේ නෙවෙයි MPCA එකේ ඔයාගේ Commission Balance එක ඔයාට ඕනි නම් Repurchase කරන්නත්, නැත්නම් Withdraw කරන්නත් පුළුවන්. හැබැයි Ref Commission ලැබෙන්න නම් ඔයා අඩුම එක Adpack එකක් වත් Purchase කරලා ඉන්න ඕනි.

03. Cash Links මගින්

මේකෙදි නම් කෙරෙන්නේ PTC කෙරුවාව තමයි. ඔයා Ad එකක් බලනකොට ඔයාට ඒ වෙනුවෙන් සුළු මුදලක් ගෙවනවා.

How To Withdraw?

ඔයා උපයන ආදායමට Withdraw Request කරන්න පුළුවන් සතියේ දවස් 7ම. ඔයාගේ Earning Balance එකෙන් වරකට Withdraw කල හැකි අවම මුදල 0.01 BTC සහ උපරිමය 1 BTC. දවසට Request කරන්න පුළුවන් Withdrawal එකයි.

Commission Balance එක විතරක් ඔයා පළමු Adpack Plan එකෙන් අඩුම 10ක්වත් අරන් ඉන්නවා නම් උපරිමය සීමාවක් නැතිව ගන්න පුළුවන්.

Withdrawal වලදීත් Fees 2%ක් අය කෙරෙනවා. (New Update)

New Update එකෙන් Withdraw Limit එකේ වෙනසක් උනා. ඔයාට Purchase කරපු මුදල වගේ 2 ගුණයක් වෙනකම් තමයි උපරිම Withdraw කරන්න පුළුවන්. ඒ නිසා Withdrawal Limit එක වැඩි කරගන්න නම් කරන්න තියෙන්නේ Payment Processor එකෙන් හෝ Cash Balance එකෙන් නැවත Purchase කරන එක. (Commission වලට අදාළ නෑ.)

මෙහෙම කරන්නේ ප්‍රෝග්‍රෑම් එකේ කල් පැවැත්ම වෙනුවෙන් එක්කෙනෙක්ට Site එකෙන් අසීමිතව මුදල් ඉවතට ගන්න නොහැකි වෙන්න. ඒ වගේම Withdrawal time එක දැනට නම් දවස් 2 -3 ඉඳලා සතියක් දක්වා Delay වෙන්න පුළුවන්.

 

Risk Free වෙන්නේ කොහොමද?

ඔයා මේ කරන්නේ අවදානම් වැඩක්. Site එක මොන තරම් Stable වගේ පෙනුනත් ඕනි වෙලාවක කඩා වැටෙන්න සහ ඔයා යොදවපු මුදලෙන් කොටසක් හෝ මුළුමනින්ම අහිමි වෙන්න පුළුවන්. ඒ අවදානමත් අරගෙන ඔයා මේකට මුදල් යොදවනවා නම් මේ විදියට ඔයාගේ Risk එක Manage කරගෙන Account එක Build කරගන්න.

01. මුලින් අවදානම ගන්න පුළුවන් උපරිම ලොකු මුදලකින් පටන් ගන්න.
02. එක දිගට මාස 2ක්වත් අවම Repurchase කරන්න.
03. ඉන් පස්සේ ඒ මුලික යෙදවීම, (Seed Capital) එක වගේ බාගයක් එකතු වෙනකම් ඉඳලා එක Withdraw කරන්න.
04. ආයෙත් මාසයක් වත් Repurchase කරන්න.
05. නැවත Seed Capital එකේ ඉතුරු බාගේ එකතු වෙනකම් ඉඳලා එක Withdraw කරන්න. (දැන් ඔයා මුළුමනින්ම Risk Free)
06. දැන් ඉතුරු මුදල් වලින් දිගටම Repurchase කරන්න. සෙනසුරාදා සහ ඉරිදා හැර. (නැත්නම් සදහටම Earning Balance එක බින්දුවයිනේ)
07. එකතු වෙන මුදල් ඒකාකාරිව (දවසට වරක්, සතියකට හෝ කිහිපයකට වරක්, තමන්ගේ ආදායම අනුව) Withdraw කරන්න.
08. ඒ Withdraw වලින් කොටසක් නැවත Deposit කරන්න. (Withdraw Limit එක වැඩි කරගන්න)

මෙන්න මේ විදියට තමයි ඇදගෙන යන්නේ. මේ ඉතින් මම Risk එක අවම කරගෙන Withdraw Limit වැඩි කරගෙන Account එක Build කරන විදිය. ඔයාගේ විදිය මිට වඩා වෙනස් වෙන්න පුළුවන්. Seed අදින්න ගන්න කාලය වැඩි වෙන තරමට Account එක ඉක්මනින් Build වෙනවා, Risk එක වැඩි වෙනවා. ඉතින් ප්ලෑන් එක තමන්ගේ හැටියට හදාගන්න.

අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි දේ තමයි ඔයා මේ කරන්නේ අවදානම් කටයුත්තක් කියන එක. ඒ නිසා ඔයා අවදානම ගන්න පුළුවන් මුදලක් විතරක් යොදාගන්න. මතක ඇතුව සාරභුමියේ Privacy Policy එකත් කියවන්න.

සාරභුමියේ පළවෙන සහ නොවෙන අලුත් අලුත් අන්තර්ජාල ආදායම් මාර්ග සහ ඒවායේ තොරතුරු ක්ෂණිකව ඔයාගෙත් ඊමේල් ලිපිනයට ගෙන්වාගන්න ඔයාටත් ඕනි නේද? එහෙනම් දැන්ම සාරභූමි Newsletter එකට Subscribe වෙන්න.

Advertisements