[මේකත් පටන් අරන් දැන් ගොඩක් දවස්. ඒ නිසා අලුත් අය එකතු නොවෙන තරමට හොඳයි.]

WWE කියන්නේ ඇත්තටම මම මුලදී හිතාගෙන හිටියට වඩා වෙනස් දෙයක් කියලා එයාල කාලයත් එක්ක ඔප්පු කරලා පෙන්නුවා. මම මුලින් යවපු  Email Newsletter එකක මම ලියලා තිබුනා WWE බොහෝ විට Short Term එකක් වෙයි කියලා.

ඒත් දැන් තත්ත්වේ හැටියට එයාලගේ Concept එක සහ External Income මාර්ග ශක්තිමත්. ඒ නිසා Mid Term වෙන්න සේරම සුදුසුකම් මෙයාලට තියෙනවා. අන්න ඒ නිසා මම පොඩි කාලෙකට කලින් තීරණයක් ගත්තා මේකත් මගේ Revshare Portfolio එකට එකතු කරන්න ඕනි කියලා.

කොහොම වෙතත් මම මෙතන ලියන්නේ WWE ගැන මට තේරුණ හොඳ සහ නරක දෙකම. ඒ නිසා මේක WWE ගැන අපක්ෂපාත සිංහල review එකක් කියලා හිතාගන්න. මම ලංකාවේ අයට සිංහලෙන් Revshare review ලියන පළමු වතාවත් මේකම තමයි. ඒ නිසා මගේ සාර්ථක අසාර්ථකත්වය ඔයාලම තීරණය කරන්න.

WorldWideEarning (WWE) වැඩ පටන් ගත්තේ මේ අප්‍රේල් 07 වෙනිදා. මේක පටන් ගන්නේ Ahsan Abbas සහ  Andrea Burriesci කියන පුද්ගලයින් දෙදෙනා එකතු වෙලයි.  ඔවුන් ගැන බලමු Admin ලා ගැන විස්තර ලියනකොට.

අද වෙන කොට Site එක UK වල සීමාසහිත පුද්ගලික සමාගමක් විදියට රෙජිස්ටර් වෙලා තියෙන්නේ. එහෙමයි කියලා ලොකුවට ඔලුවට ගන්න එපා. ඕනිම කෙනෙක්ට UK වල රෙජිස්ටර් වෙන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්. සමහර Scam උන අඩවි පවා එහෙමයි. ඔන්න US Company Registration එකක් නම් සලකා බලන්නවත් තිබුනා.

Site Appearance

WWE home page
WWE home page

මුලදී WWE Landing Page එක හදල තිබුනේ Joomla භාවිත කරලා බොහොම රළු විදියට. ඒත් දැන් තත්ත්වය ඇත්තටම පෙනුම අතින් ගොඩක්ම උසස්. වෘත්තියම විදියට Graphic සහ Web Designs යොදාගෙන ගොඩ නගපු වෙනස් ම විදියේ Revshare Program Interface එකක් අපිට WWE වෙතින් දකින්න පුළුවන්.

එක ඇඩ්මින් කෙනෙක් වෙන Ahsan Abbas වෘත්තියම Web Developer කෙනෙක් උන එකේ වාසිය WWE එකට අඩු නැතුවම ලැබිලා. Script එක proXscript නෙවෙයි. වෙනත් (බොහෝ විට Joomla පාදක) Customized Script එකක්. පෙනුම ලස්සනයි වගේම Actions පවා සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින සාමාන්‍ය එකකට වඩා වෙනස්ම අයුරකින් තියෙන්නේ. නමුත් Loading Speed එක නම් දැනෙන විදියට මදි. ඒ වගේම නිතරම වගේ බග්ස් සෙට් උනා.

පිටු සහ විස්තර ගැන බැලුවොත් වෙන වෙනම සැලසුම් කරලා පිළිවෙලකට සහ වෘත්තියමව කරලා තියෙනවා කියල පේනවා. Program එක ගැන සේරම වගේ විස්තර F&Q පිටුවෙන් දැනගන්න පුළුවන්. මටත් කරුණු කිහිපයක් විතරයි පුද්ගලිකව ඇඩ්මින් සෙට් එකෙන් අහන්න උනේ. ඒත් සයිට් එක ලස්සන උනාට විතරක් මදිනේ? බලමු අනිත් දේවල් ගැනත්.

WorldWideEarning.Com

Domain එක බලන්න ගියහම මම දැක්කා මේක අවුරුද්දක් විතර පරණයි කියලා. එතකොටයි දැක්කේ මෙයාලා වැඩ පටන් අරන් තියෙන්නෙත් ගිය අවුරුද්දේ. ඩොමේන් එක අරන් තියෙන්නේ ගිය අවුරුද්දේ ජුනි 26 සහ Expire වෙන්නේ 2018 අවුරුද්දේ ජුනි 26.

දැනට WWE හි ලියාපදිංචි සාමාජිකයින් ගණන 10000+ක් සහ නිල ෆේස්බුක් සමුහයේ සාමාජිකයින් 13000ට වඩා ඉන්නවා. ඒ කියන්නේ WWE කෙටි කාලයක් ඇතුලත ගොඩක් දෙනෙක් අතරට ගිහින් කියන එකයි.

Site Rank ගැන බැලුවොත් Alexa Rank වල නම් සීඝ්‍ර ඉහල නැගීමක් පෙන්නනවා කෙටි කාලයකදී.

WWE Alexa Rank
WWE Alexa Rank

Google Trend වල නම් බලන්න තරම් දෙයක් නෑ. Google කරලා බලන්න තරම්ම ලොකුවට තවම Site එක ජනප්‍රිය නෑ.

Adpack Plans සහ ROI

Adspack Plans තියෙන්නේ තුනයි. ඒ $1, $15, සහ $30 වශයෙන්. මේ Adpack ගාන සිමා රහිතයි. සල්ලි තියෙන තරමක් ගන්න පුළුවන්. $1 Plan එක ගැන නම් මට එච්චර හිත ගියේ නෑ. මට හිතුනේ ඔය පොඩි ගණන් වලින් පටන් ගන්න අයත් Catch කරන්න ගහපු ට්‍රික් එකක් කියලා. පොඩ්ඩක් බලමුකෝ එක් එක් Plan වල ලක්ෂණ ගැන.

WWE Adpack Plans sinhala guide
WWE Adpack Plans

අපි මේ ඇත්තටම මිලදී ගන්නේ Advertising ඉඩක්නේ? ඉතින් ඒ ඒ Plan එකේ මුලින්ම දක්වලා තියෙන්නේ ඔයාගේ මිලදීගැනීමට අදාලව ඔයාට ලැබෙන Ad Credits.

$1කට ඔයාට ලැබෙනවා Traffic Exchange Ads 10ක්. Text Ads 10ක්. සහ Listing Credits 10ක්. මේ කියන Text Ad, Traffic Exchange සහ තවත් දේවල් ගැන විස්තරයක් පහලින් විස්තර කරලා ඇති.

එතකොට $15  Plans එකේ Traffic Exchange Ads 200ක්. Text Ads 200ක්. සහ Listing Credits 200කුත් $30 Plans එකේ Traffic Exchange Ads 500ක්. Text Ads 500ක්. සහ Listing Credits 500කුත් බැගින් ලැබෙනවා.

ඇත්ත වශයෙන්ම අපි ඩොලර් 1ක්, 15ක්, 30ක් ගෙවන්නේ මෙන්න මෙව්වා ගන්න තමයි.  ඒ වෙනුවෙන් අපිට අමතරව ලැබෙන්නේ මොනවද?

Plans 3ටම Repurchase Rules නෑ. එතකොට මට හිතෙනවා ඒ කියන්නේ අපේ ආදායම එහෙම්මම ගන්න පුළුවන්, Site එක ඇතුලේ මුදල් රැඳෙන්නේ නෑ කියලා. නමුත් Deposit & Withdraw කරද්දී ඒකට හරියන්න Fees කපාගන්නවා.

ඒ වගේම ඔවුන් හඳුන්වලා දීල තියෙනවා Membership Fee එකක්. $15 සහ $30  Plan දෙකටම මාසෙකට $6.99 ගානේ. (6.99  කියන්නේ ඩොලර් 7ම තමයි) . පොඩිම Plan එකට Membership Fees නෑ. ඒ ඇති.

ROI එක පිලිවෙලින් 110%, 115% සහ 125%. $30 Plan එකේ ROI එක්ක දැක්කම තේරෙනවා මෙයාලගේ Target එක මුල් එව්වට වඩා වැඩිපුර මේ අන්තිම AdPack ප්‍රමාණයක් විකුණාගන්න එක කියලා. මේ එක Plan එකක්වත් Maturity Period එකක් ස්ථිරව දක්වල නෑ. නමුත් ආසන්න වශයෙන් දින දින 45-60ක් අතර වගේ වෙයි කියල Estimate වෙලා තියෙනවා.

දෛනික උපරිම ප්‍රතිලාභය පිලිවෙලින් 2%, 2.5%, සහ 3%ක් වශයෙන් දක්වලා තියෙනවා. මේක රඳා පවතින්නේ එයාලගේ Sales උඩ කියලා දන්නවනේ. හැබැයි එයාල ගැරන්ට් කරලා තියෙනවා අවමය 0.5%ක් කියලා. ඒ ටික ප්‍රමාණවත්.

Ref Commission එක දෙනවා යාළුවෙක්ව සෙට් කලොත් පලවෙනි Plan එකට ($1) 4%ක්. ඒ යාළුවගේ යාළුවො ආවට කොමිස් හම්බ වෙන්නේ නෑ. හැබැයි අනිත් Plan දෙකේ වෙනස්.

Plan 2 සහ 3 වල Ref Commission එක 7%,1%,1%. ඒ කියන්නේ ඔයා සෙට් කරන කෙනා වෙනුවෙන් ඔයාට 7%ක් කොමිෂන් එනවා. ඒ යාළුවාගේ යාළුවා වෙනුවෙන් 1%කුත් එයාගෙත් යාළුවො වෙනුවෙන් 1%කුත් වශයෙන් Levels 3ක Ref Commission ලැබෙනවා.

හැබැයි ඉතින් හරි හමන් Sponsor කෙනෙක් සෙට් උනොත් RCB (Ref Commission එකත් ආපහු) ඔයාට සෙට් වෙයි. ඒ නැතත් Regional Representative කෙනෙක් උනොත් ඔයාට මීට වඩා කොමිස් එකක් ගන්න පුළුවන්. ඒ ගැන පහලින් ලියන්නම්.

Minimum Withdraw Amount එක Free Members ලට $10ක්. Paid Members ලට $5ක්. ඒකටත් Fees වදිනවා.

හරි. පින්තුරේ ගැන ඔච්චරයි. දැන් බලමු මෙයාලගේ Services මොනවද කියලා.

Services

මෙයාල දෙන්නේ Advertising සහ Digital Marketing services. Advertising කරන්න මෙයාල දෙනවා වර්ග කිහිපයක Ads.

Traffic Exchange Ads. මේ  කියන්නේ ඔයාට පුළුවන් ඩොලර් එකක් ගෙවලා  ඔයාගේ වෙබ්සයිට් එකක දැන්වීමක් කාට හරි බලන්න දාන්න. ඔයා ඒ වෙනුවෙන් වෙන අයගේ Ads 10ක් බලන්නත් ඕනි.  එතකොට අනිත් අයත් ඔයාගේ Ad එක බලනවා 10 Times. ඒ කියන්නේ Traffic Exchange එකක් සිද්ද වෙන්නේ.

සයිට් එක ඇතුලේ ඔයාගේ Earnings එන්න නම් දවසට ඔයා ඇඩ්ස් 20ක් බලන්න ඕනි. සාමාන්‍ය ඇඩ්ස් 10කුයි Listing ඇඩ්ස් 10කුයි.

Text Ads කියලා හඳුන්වලා තියෙන්නේ අකුරු විතරක් තියෙන Web Page එකක Embed කරලා තියන්න පුළුවන් ඔයාගේ Website එකට Link කරපු Ad එකක්. මේක ඔයාගේ Website එක ගැන විස්තරයක් හෝ ඔයා Advertise කරන ඕනිම දෙයක් වෙන්න පුළුවන්. එක Text Ad එකක් උපරිම වචන 50කට සිමා කරලා තියෙන්නේ.

Banner Ads කියන්නේ දන්නා කියන විදියටම බැනර් එකක් විදියට දාන Ads.125 x 125, 468 x 60 සහ 720 x 90 කියන ප්‍රමාන වලින් මෙයාල බැනර්ස් දාන්න දෙනවා. තව Header Banner එකකුත් හඳුන්වල දීල තියෙනවා.

Login Ads. සාමාජිකයෙක් Site එකට Log වුන ගමන් ඉස්සෙල්ලම යන Ad එක දැකලා ඇතිනේ? අන්න ඒ Login Ads අපිටත් මිලදී ගන්න පුළුවන්.

PTC Ads කියන්නේ සාමාජිකයින්ට උවමනා නම් නරඹන්න දෙන Ads Type එකක්. අපි Cash Links කියන්නේ මෙව්වට. මේවා බලන කෙනාට සුළු මුදලක් ගෙවනවා. තත්ත්පර 80ක් දිග PTC Ads වගේකුත් හඳුන්වල දීල තියෙනවා. ඒවායේ ආදායම කොහොමද බලන්න වෙන්නේ තව ඉස්සරහට.

Video Ads. මේ කියන්නේ අපිට පුළුවන් සෘජුවම අපේ Product Video එකක්, නැත්නම් YouTube, Vimeo, DailyMotion වගේ එකක Video එකක් දාගන්න. ඔයාගේ ම ප්‍රොඩක්ට් එකක් හෝ වෙනත් දෙයක දැන්වීම් වීඩියෝවක් පලකරන්න මේක වටිනවා. හැබැයි ඉතින් මට හිතෙන හැටියට Adsense වලට නම් අගුනයි.

*Exchange Services. මෙයාල අපිට Currencies Exchange කරගන්න පහසුකමත් දෙන්නයි Plan කරන්නේ. සුළු ගාස්තුවක් සහිතව. මේක ඉදිරියෙදී එකතු කරන Option එකක්.

*Listing Credits. පළමු වතාවට Revshare එකක් හැටියට WWE මගින් හඳුන්වා දෙනවා තමන්ගේ Affiliate Ads දාන්න ක්‍රමයක්.  ප්‍රසිද්ධ amazon, Ebay, every123, shopify සහ තවත් බොහොමයක් ඉදිරියෙදී එකතු කරලා අපිට ඒවායේ ප්‍රොඩක්ට් එකක් WWE එකේ ඇෆිලියෙට් කරන්න පුළුවන්.

*Capital Insurance. මේකත් එයාලගේ හඳුන්වාදීමක්. ඔයාගේ තැන්පතු WWE ඇතුලේ රක්ෂණය කරන්න පුළුවන් සුළු මුදලක් ගෙවලා. ගාස්තුව අපේ තැන්පතුවෙන් 1%ක් මාසෙට. රක්ෂණය කරපු සල්ලි ගන්න නම් දවස් 30ක Notice එකක් දෙන්න ඕනි. ඊට කලින් ගත්තොත් දඬුවම ඔබේ මුදලින් 25%ක්.

*Retirement Plans. විශ්‍රාම සැලසුම්. අනේ මන්දා බං මේක නම්. හරියට ටිකක් දිගු කාලින Adpack එකක් ගන්නවා වගේ වැඩක්. අපිට පුළුවන් වසරක් හෝ කිහිපයක් එක දිගට ඔයාගේ Earning වලින් හෝ Deposit හෝ කොටසක් තැන්පත් කරන්න මෙයාල ඒකට දෙන Plan 3න් එකක් තෝරාගෙන. ඉන් පස්සේ ඔයාට අයින් උන කාලෙක  (ඒ කියන්නේ Plan එක කල් පිරුණම) ඒ සල්ලි ගන්න පුළුවන්. තැන්පතුව තියෙනකල් වාර්ෂික ප්‍රතිලාභයකුත් ලැබෙනවා.

Plan 1. කාලය අවුරුද්දයි. වාර්ෂික ප්‍රතිලාභය ඔබේ තැන්පතුව මෙන් 12%යි.
Plan 2. කාලය වසර 2 – 5. වාර්ෂික ප්‍රතිලාභය 15%ක්.
Plan 3. කාලය වසර 10ක් දක්වා. වාර්ෂික ප්‍රතිලාභය 18%ක්.
මේකෙත් කල් පිරෙන්න කලින් ආපහු සල්ලි ගත්තොත් 25%කට බඩු.

WWE Admins

ලොක්කෝ දෙන්න තමයි Ahsan Abbas සහ  Andrea Burriesci.

Ahsan Abbas තමන්ගේම කියල Web Development සහ Security Company එකක් පවත්වාගෙන යනවා B Solutionss කියලා. පාකිස්තානු ජාතිකයෙක්. ඒ වගේම පළපුරුදු Marketer කෙනෙක්.

Andrea Burriesci කියන්නේ AB Links Global කියන සමාගමේ හිටපු මෘදුකාංග ඉංජිනේරුවෙක් සහ AB1SHOP කියන ඉතාලියේ දුරකථන, ලැප්ටොප් සහ වෙනත් තාක්ෂණික උපාංග තොග වෙළඳාම් කරන ආයතනයක අයිතිකාරයා. වසර ගානක අත්දැකීම් සහ Marketing Mind එක හොඳට තියෙන පුද්ගලයෙක්.

ඒ වගේම එයා තමයි Official WWE FB Group එකේ වැඩ බලන්නේ.  මමත් අහපු බරපතල ප්‍රශ්න පත්තරේකට බොහොම අමාරුවෙන් වහෙන් ඔරෝ නමුත් පොර පුද්ගලිකවම උත්තර එව්වා පැය 24ක් යන්න කලින්.

මම මෙයාලගේ දැක්ක විහිලු කතාවක් තමයි Multiple Accounts සම්බන්ධව කියන දේවල්. උන් කෙලින්ම කියනවා එක්කෙනෙකුට හදන්න පුළුවන් එක Account එකක් විතරයි කියලා. හැබැයි පවුලේ අයට යාලුවන්ට පිට අයට උනත් එකම කම්පියුටර් එකෙන්, එකම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙන් එකම IP Address එකෙන් වෙන වෙනම Account වලට Log උනාට කමක් නැතිලු.  අන්දෝ සංසාරේ.

ඩබල පළපුරුදු මාකටර්ලා උනාට Revshares Owners ලා විදියට නම් අත්දැකීම් නෑ මම හිතන්නේ. අනික දෙන්නයිනේ ඉන්නේ? එකෙක් හදිසියේ මළොත් හෙම අනික මොනවා කරගනිද දන්නේ නෑ. 😛

ගනුදෙනු Fees සහ Payment Options

Payment Options විදියට අපිට පුළුවන් භාවිත කරන්න Payza, Perfect Money, PAYEER and Bitcoin. කැමති එකකින් අපිට ගිණුම හදාගන්න සහ කැමති තරම් මුදල් තැන්පත් කරන්න එයාල ඉඩ දෙනවා. ඒත් Withdraw කරන්න ලැබෙන්නේ අර මුලින් දාපු එකෙන්ම තමයි. ඒ වෙනුවට වෙන එකකින් ගන්න ඕනි නම් මෙයාල ඉස්සරහට හඳුන්වා දෙනවා Exchange Service එකකුත්.

Deposit & Withdraw දෙකටම Fees අය කරනවා. 2.5%ක් කියලා තමයි දැනගන්න ලැබුනේ. ඉදිරියේදී වෙනස් වෙයි කියලා මම පුද්ගලිකවම හිතනවා.

තව දෙයක් තමයි අනිත් Revshares වගේ නෙවෙයි, මෙයාලගේ Earning Balance, Purchase Balance, Commission Balance, Withdraw Balance, මේ සේරම වෙනම Wallets හැටියට ක්‍රියාත්මක වෙන්නේ.

වෙන Program එකක නම් ඔයාට පුළුවන් කෙලින්ම ඔයාගේ Earning Balance එකෙන් හෝ Commission Balance එකෙන් සෘජුවම තවත් Adpack ගන්න. නැත්නම් Earning සෘජුවම Withdraw කරන්න. ඒත් WWE වල එහෙම බෑ.

ඔයාට සිද්ද වෙනවා ඔයාගේ Earning සේරම Withdraw Wallet එකට Transfer කරන්න. ඉන් පස්සේ එකෙන් තමයි Withdraw කරන්න වෙන්නේ. ඔයා නැවත ඒ Earnings වලින් Adspack ගන්නවා නම් ඒවා මුලින්ම Purchase Wallet එකට Transfer කරගෙන ඉන්න ඕනි.

මේ Transfer කෙරිල්ලටත් 0.5% – 1% අතර Fees අය කෙරෙනවා, Andrea ලොක්ක කිව්වා ඇතැම් එව්වා Free කියලා.  ඒ විතරක් නෙවෙයි. ඔයාට මෙහෙම Transfer එකක් කරන්න ඕනි නම් ඒ  ඒ Wallet එකේ Credits අගය 510ක් වත් වෙන්න ඕනි. ඒ Transfer කරපු ඒවායින් නැවත  Adpack ගන්න නම් Wallet එකේ Credits අගය 100ක් වත් තියෙන්න ඕනි.

මොනවද මේ Credits?

Credit එකක් සමාන වෙනවා ඩොලර් සත එකකට. ඒ කියන්නේ 1 Credit =1cent, 100 Credits =1 dollars ඔන්න ඔය විදියට ගැන හැදෙන්නේ.

මේ හැම තැනම පැටලෙන්න පුළුවන් කොහෙන්ද කපන්නේ කොහොමද කැපෙන්නේ අරක මේක. ඒ වගේම කාලෙන් කාලෙට මේ Fees වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් එයාලා සහතික කරනවා කිසිම Hidden Fees එකක් අය කෙරෙන්නේ නෑ කියලා. ඕනිම ගනුදෙනුවකදී අදාළ වෙන Fees ගනුදෙනුවට ප්‍රථමව පැහැදිලිව පෙන්නුම් කරාවි.

Active, Inactive, and Expired Purchases

Active, Inactive, සහ Expired Purchases කියලා ඔයාගේ ආදායම් කොටස් තුනකට මෙයාල වෙන් කරනවා.

Active Purchases කියන්නේ ඔයා මුදල් ගෙවලා ගත්ත Adpacks තාම මුළුමනින්ම Full Return එක ලැබිලා නැති. ඒවා කල් පිරෙනකම් Daily Earning එනවා.

Inactive Purchases කියන එක දැන් තේරෙනවනේ. ඒ තමයි මුළුමනින්ම Full Return එක දීලා ඉවර හැබැයි තාමත් Earning Wallet එකේ තියෙන එව්වා. ඔයාට පුළුවන් මේවා Purchase හෝ Withdraw Wallet එකකට Transfer කරගන්න.

Expired Purchases කියන්නේ  Full Return එක දීලා ඉවර උන ඒ වගේම දැනටමත් Profit Wallet එකෙන් Transfer කරගත්තු එව්වා. එතකොටයි ඒ Profits withdraw කරන්න හෝ නැවත Purchase කරන්න හැකියාව ලැබෙන්නේ.

Become a Regional Representative

මේකේ එක් එක් කලාපයන්ට රටවල් වලට වෙන වෙනම නියෝජිතයෝ පත් වෙලා තියෙනවා. ඔයාටත් කැමති නම් පුළුවන් අපේ රට නියෝජනය කරන්න. හැබැයි අවම ඔයාගේ Deposit එක $250ක්වත් තියෙන්න ඕනි. ඒ වගේම අනන්‍යතාවය තහවුරු කරන්නත් ඕනි.

මේකේ වාසි තමයි කෙලින්ම WWE එකට එන කවුරු හරි Visitor කෙනෙක්ට තමන්ගේ Sponsor විදියට තමන්ගේ කලාපයේ නියෝජිතයව තෝරාගන්න ලැබෙන එක. ඒ ඇරෙන්න Regional Representative කෙනෙකුට ලැබෙනවා තමන් සෙට් කරන යාලුවෙක් වෙනුවෙන් 8%, 2%, 1% වශයෙන් Ref කොමිස් එකකුත්.

Program Concept එක නම් ගොඩක්ම වෙනස් සහ Stable ලක්ෂණ පෙන්වනවා. ඩොලර් 1නුත් පටන් ගන්න පුළුවන් කියලා පෙනුනට ඇත්තටම ඒක තේරුමක් නෑ කියලා දැන් තේරෙනවා ඇති මේ කපන කැපිලි දිහා බලද්දී.

ඒත් ඇත්තටම දැනෙන්න ලොකු ගානක් දාලා පටන් ගන්නවා නම් සහ Compound කරනවා නම් විතරයි මේකෙන් සැලකියයුතු ආදායමක් ලබන්න හැකි වෙන්නේ.  අනික Repurchase නොකර නම් මේකෙන් ලාභ ලබන්නම බෑ. ඒත් මේ වගේ දේවල් නිසා තමයි WWE නොවැටී කාලයක් තිස්සේ අදින්න පුළුවන් කියලා විශ්වාසයක් ඇතිවෙන්නෙත්.

Remember This; ඔයා Repurchase නොකර පොඩි ගානකින් පටන් ගන්න හිතනවා නම්, අතින් කයිට් කරගෙන එන්න වෙන්නේ.

පොඩියට පටන් ගන්නවා නම් ඉතින් තාමත් පරක්කු නැතුව MPA හෝ MPCA කරන්න. මොකක් හරි අවුලක් උනොත් Dispute එකක් හරි අදින්න බැරිය. මොකද MPA & MPCA ලොක්කා උදය නාරා ඒ තැනට එනකම් එයාගේ වැඩ මාකට් කරගෙන ඉවරයි. මෙච්චර කියන WWE එකවත් තාම ඒ තරම් Trust එකක් උපයගෙන නෑ.


මම මොනවද කරන්නේ කියලා කීප දෙනෙක් අහලා තිබුනා. මගේ Earning Portfolio එක මෙහෙමයි.
MPCA
FAP
WWE
TTI
Adscrypto
සහ වෙනම දෙයක් – Banana Fund & GoldMoney

ඕනෑම Online Business එකක වගේ මේකටත් තියෙනවා අවධානම කියන දේ. ඒ නිසා කරනවා නම් ඔයාට දරාගන්න පුළුවන් පමණක් යොදාගන්න. මතක ඇතුව සාරභූමි Privacy Policy එකත් කියවන්න.


මේක ප්රෝමොෂනල් ලිපියක් නෙවෙයි. නමුත් WWE වල Register වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, අවධානමක් ගන්න කැමති නම් මගේ WorldWideEarning Team එකට එකතු වෙන්න. මම කිසිම දෙයක් ගැරන්ට් කරන්නේ නම් නෑ.

WWE Officia Facebook Group එකට මෙතනින් යන්න.

ඒ වගේම ඔයා තාමත් මගේ Mail List එකතු වෙලා නැතිනම් පරක්කු නොවී සාරභූමි Email Newsletters List එකට එකතු වෙන්න.

Advertisements