හරි හමන් Revshare Program එකක් හොයාගන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි. එහෙමයි කියලා අහුවෙන අහුවෙන එකක සල්ලි දාන්නත් යන්න එපා. දාන්නේ ඔයාගේ සල්ලි තමයි. ඒකත් Risk Capital එකක්නේ කියලා අහක යන හොරු සෙට් එකකට නිකන් සල්ලි පුදන්න ඕනි නෑනේ.

මම මේ ලිපියෙන් කියන්න හදන්නේ Revenue Sharing Program එකක සල්ලි දාන්න කලින් හිතලා මතලා ඉන්න ඕනි කරුණු කාරනා කිහිපයක් ගැන. මමත් මේ ගැන Expert කෙනෙක් නෙවෙයි. ඒත් මේ ලිපිය ලියලා තියෙන්නේ මගේ අත්දැකීම් සහ අන්තර්ජාලය ඔස්සේ එකතු කරගත්ත, Sponsorලාගෙන් ඉගෙනගත්ත, මෙතෙක් කාලයක් මට සාර්ථකත්වය ගෙනාපු මගේ දැනුම. ඒ නිසා Revshare එකකට සල්ලි දාන්න කල්පනා කරනවා නම් හදිස්සි නොවී මේ ටිකත් කියවලාම ඉන්න.

මේ යන්නේ Revshare Programs පැටවු ගහන කාලේ. එක තත්පරේට බර ගානක් Sites Launche වෙනවා. ඒ වගේම බර ගානක් වැඩි කල් නොයා Scam වෙනවා. කිහිපයක් පමණක් ටික කාලයක් ඇදගෙන යනවා. ඉතා ස්වල්පයක් වැඩිකාලයක් තියෙනවා. අපි කොහොමද මේ අලුතින් එන හෝ දැනටමත් Launch වෙලා තියෙන එකක් හොඳද නැද්ද කියලා අදහසක් ගන්නේ?

පහල විස්තර ටික හොඳින් කියවන්න. අතරමගදී හිතෙයි අපෝ මෙව්වත් වැදගත්ද කියලා. ඇත්තම කියනවා නම් පුංචිම දේ උනත් ගොඩක් වැදගත්. ඒ නිසා කිසිම දෙයක් අත්හැරගන්න එපා. මොකද ඔයා හදන්නේ ඔයාගේ මුදල් අවදානම් සහගත ආයෝජනයකට යොදවන්න. ඒ නිසා පටන් ගන්න කලින් පස්මහ බැලුම් බලන්න වෙනවා.

ඕනෑම Business එකක් පවත්වාගෙන යන්න නම් එක ලාභ ලබන්න ඕනි. මුලිකවම Revenue Sharing Business එකක් ලාභ ලබන්නේ Advertising වලින්.සමහරුන්ට අතිරේක ආදායම් මාර්ග තියෙනවා. ඒත් බහුතරයක් කරන්නේ බොරුව. මුලින් Join වෙන සාමාජිකයින්ට පසුව එන අය තැන්පත් කරන මුදලින් ගෙවීම් කරලා තමයි ඔවුන්ගේ Program එක පවත්වාගෙන යන්නේ. ඉතින් වැඩි වැඩියෙන් සාමාජිකයින් එන තරමට වැඩි වැඩියෙන් මුදල් තැන්පත් වෙන තරමට ඔවුන්ට වාසියි.

කොහොම නමුත් ටික කාලයක් යද්දී Site ඒකට අලුතින් එන සාමාජිකයෝ ගණන ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. ඉන්න සාමාජිකයින්ගේ Withdraw Request වලට ගෙවන්න අලුතින් මුදල් තැන්පත් කිරීම අඩු වෙනවා. අන්න එතකොට තමයි Site එක සෙත්ත පෝච්චි වෙන්නේ. එහෙමත් නැත්නම් මුල ඉඳන්ම Program එක Scam වෙන්න බලාගෙන ආපු එකක් වෙන්න පුළුවන්. එහෙම සෙට් එකක් නම් උපරිම මාසයක් වගේ ඉඳලා සාමාජිකයින් තැන්පත් කරන මුදලුත් අරගෙන රහත් වෙනවා. මේ Article එකෙන් මම පැහැදිලි කරන්න හදන්නේ මේ වගේ හොර Scam හෝ වෙන්න Scam එකක් මුලදීම හඳුනාගන්න අපිට කරන්න පුළුවන් දේවල්.

Website එක

අපි ඒ Website එකට ගියාම දැනගන්න දැකගන්න සහ හොයාගන්න පුළුවන් තොරතුරු උඩ පොඩි අදහසක් ගන්න පුළුවන්.

Scam website review sinhala guide
Review Site Closely

Appearance

ඉස්සෙල්ලම බලන්න ඒ සයිට් එකේ පෙනුම. හැඩ වැඩ. ඒ කියන්නේ Graphic සහ Images භාවිතය වෘත්තියම විදියට කරලා තියෙනවද කියන එක. මේකෙන් 100%ක් අපිට ඒ Revshare එක හොඳයිද නරකයිද කියන්න බෑ. උදාහරණයක් විදියට MAP එකේ Home Page එකටත් දාල තියෙන්නේ Free දෙන Stock Images. සමහර එව්වයේ තියෙන Watermarks වලින් පේනවා නිකන් Google කරලා හොයාගත්තු එව්වා කියල.

ඉතින් මම කියන අදහස පොඩ්ඩක් ඔලුවට ගන්න. පොඩ්ඩක් හරි වියදමක් දරලා Site එක ලස්සනට හදාගන්න බැරි වෘත්තීයම වෙන්න බැරි කට්ටියක් ළඟ ඔයාගේ සල්ලි තැන්පත් කරන්න යන්න කලින් දෙපාරක් හිතන්න. තව දෙයක්, Home Page එකට ගිය ගමන් සුද්දෙක් සුද්දියෙක් කිට මරාගෙන Site එක පට්ට ගහන්න ටෝක් කරනවා දැක්ක පලියට ඒ Program එක ගැන ලොකුවට හිතන්න යන්න එපා. ඔහොම Video එකක් හදාගන්න හරිම ලේසියි Fiverr පැත්තේ ගියොත්. තත්පර 60කට උපරිම ඩොලර් 5යි.

ඒ නිසා Appearance එක හරි නැත්නම් එක Bad Sign එකක් කියලා ඔලුවේ තියාගෙන ඉන්න.

Script එක

අද දවසේ ජනප්‍රියම Revshare Software එක තමයි proXscript කියන්නේ. ජනප්‍රිය වෙන්න හේතුව තමයි අඩු ගානට දෙන එකයි එකේ Admin Panel එක හැසිරවීමේ හැකියාව සාමාන්‍යයෙන් අනිත් බොහෝ ඒවාට වඩා වැඩි වීමයි. මේකෙ තව අනන් මනං කරගන්න පුළුවන් Modules සෙට් ගොඩකුත් තියෙනවා. ඔයාටත් කැමති නම් Hosting සහ Domain එකක් අරගෙන $200ක් දීල පොඩිම Plan එකෙන් Script License එකත් අරගෙන Revshare එකක් Start කරන්න පුළුවන්.

Hosting & Domain එකට මහා ගානක් යන්නේ නෑ. ඒ අස්සේ පොඩි Promote එකකුත් දා ගත්තත් ඔයාට $1000ට අඩුවෙන් ඔයාගෙම කියල වැඩක් පටන් ගන්න පුළුවන්. MPA, TAT වගේ ඒවායේ Use කරන්නෙත් මේ Script එකම තමයි. ඒත් එයාල තමන්ගේ Script එක වඩාත් Professional විදියට Customize කරගෙන තියෙනවා.  මේක ඇරෙන්න තවත් බොහෝ Scripts තියෙනවා $50ට උනත් ගන්න පුළුවන්. ඉතින් හතු පිපෙනවා වගේ Programs හැදෙන එක පුදුමයක් නෙවෙයිනේ?

මේ ගොඩක් Site වලට ගිහින් බැලුවම Footer එකෙන් බලාගන්න පුළුවන් Powered by කියලා මොකක් හරි කම්පැනියක ලින්ක් එකක් ගහලා තියෙනවා. ඒ වගේම Favicon එකත් Unique නෑ. ඒ කියන්නේ එක ලාබෙට අටවගත්තු එකක් කියන එක. එව්වා පස්සේ නොයන එක තමයි හොඳ.

Domain name

Site එකේ ඩොමේන් එක TLD එකක්ද කියලා බලන්න. අද දවසේ .com එකක් උපරිම $10කටත් අඩුයි. ඒ උනාට සමහර නරි පැටව් ඒකටත් ලෝබකමේ Namecheap එකෙන් $0.88 Domain එකක් එක්ක Revshares අටවලා තියෙනවා ඕනි තරම් දකින්න පුළුවන්. ඒ වගේ එව්වා, තව හරස් ඉරි, කඩඉරි, බින්දු ඉලක්කම් දාපු ඩොමේන් ගැනත් සැලකිලිමත් වෙන්න. Revshare Programs වලටත් වඩා මේ වගේ එව්වා එන්නේ පැය දෙකේ තුනේ HYPE වලට. ඒ හින්දා Domain එක උනත් නොසලකා හරින්න එපා.

කොයිකටත් කියලා මෙන්න මෙතනට ගිහින් ඩොමේන් එක සර්ච් කරලා රෙජිස්ටර් කරපු දවස, Domain Age, කොච්චර කාලෙකින් Expire වෙනවද, කියන විස්තර බලන්න. අද හෙට Scam වෙන්න බලාගෙන හදිසියේ පටන් ගන්න Website වල Domain ගොඩක් විට අලුත්. ඒ වගේම අවුරුදු කිහිපයක් ඉස්සරහට සල්ලි ගෙවල තියාගන්නෙත් නෑ.

Site Details

Website එකට ගියාම අනිවාර්යයෙන් බලන්න ඕනි දේවල් තමයි Details, About, F&Q, Privacy Policy සහ Disclaimer කියන Pages ටික. මේ හැම එකක්ම නැතත් තියෙන සේරම පිටු අස්සේ රිංගලා ඒ සේරම කියවලා බලන්න. ගොඩක් දෙනා මේවයේ තියෙන වැදගත්කම දන්නේ නෑ. නිකන් පිට ඔපේ විතරක් බලලා වැඩ පටන් ගන්නවා.

වෘත්තියමය විදියට හරි හමන් Plan එකක් එක්ක එන Program එකක් නම් බොහොම Transparent විදියට එයාල ගැන සහ Business Concept එක ගැන හෙළි කරනවා. තමන්ගේ ව්‍යාපාරය කුමනාකාරද, විවෘත වෙන්නේ මොන වගේ අයටද, තිබෙන අවධානම මොන වගේද, ඔවුන් ගන්නා වගකීම කොහොමද, මේ සේරම අඩු නැතුව තියෙනවා. හරියට Business Plan එකක්වත් නැතුව පටන් ගන්න බොහෝ Programs වල F&Q, Details පිටු වල තියෙන්නේ MPA වගේ Site එකකින් Copy Paste කරපු විස්තර.

නැත්නම් මොකවත්ම නෑ.

Launch Date

දැනටමත් පටන් අරන් තියෙන Revenue Sharing Program එකක් නම් තවත් වැදගත් දෙයක් තමයි ඒක Launch කරපු දවස. හොඳටම Famous Site එකක් නෙවෙයි නම් Launch කරලා මාසෙකට දෙකකට වැඩි ඒවාට Join වෙන්න එපා. අලුත් එකක් උනත් සැකයි සැකයි වගේ නම් Launch වෙලා ටික දවසක් යනකන් Membersලා සහ Deposits වැඩි වෙන හැටි, Site එක Update වෙන හැටි ගැන අවධානෙන් ඉඳලම වැඩ පටන් ගන්න.

Users, Deposits & Withdraws

ගොඩක් Site වල Home Page එකේම තියෙනවා මොන තරමක් Membersලා මේකේ දැනටමත් ඉන්නවද, කොයි තරමක් මුදල් දැනට Deposit වෙලා තියෙනවද සහ Withdraw කෙරිලා තියෙනවද කියන එක. මෙන්න මේක ගොඩක්ම වැදගත්. Membersලා ගොඩක් ඉන්නවා කියන්නේ වැඩි දෙනෙක්ගේ විශ්වාසය දිනාගෙන කියන එක. ඒත් Site එක Pre-Launch එකේ තියෙද්දී හෝ පටන් අරන් කෙටි කාලයක් ඇතුලත Membersලා අසාමාන්‍ය විදියට වැඩි වෙලා නම් ඒක සැක සහිතයි.

ඒ වගේම තමයි කෙටි කාලයකදී ගොඩක් Transactions වෙලා තියෙන එකත්. අනිත් කාරණය තමයි මේ දෙක අතර වෙනස. ගොඩක් Scam Sites ටික කාලයක් යනතුරු Membersලට ගෙවන්නේ ඔවුන්ට පසුව Register වෙන අය තැන්පත් කරන මුදල් වලින්. ඒ කියන්නේ Ponzi Models. ඉතින් මෙහෙම Program වලදී Deposits වලට සාපේක්ෂව Withdraw කරන ගණන් වැඩි වේගෙන එනකොට අයිතිකාරයෝ පැදුරටත් නොකියා අතුරුදහන් වෙනවා. ඒ නිසා වැඩිහරියක් Ponzi Model Programs බොහෝ විට Deposits හෝ Withdraws දෙකෙන් එකක් Home Page එකෙන් ඉවත් කරනවා.

තිබුනත් ඒ විස්තර ඇත්තයි කියලා අපිට සහතිකයක් නෑ.

Earning Opportunities

මේ කියන්නේ Program එක තුල දක්වලා තියෙන විස්තර වල හැටියට අපේ Deposits වලට අදාලව අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන අපිට දැනගන්න පුළුවන් දේවල්.

revshare earning plan sinhalen
Earning Opportunities

Adpack Price සහ ROI

සාමාන්‍යයෙන් Adpack එකක් $1 සිට $50 – 60 දක්වා හෝ ඊටත් වැඩි විවිධ පරාසයන්ගෙන් තියෙන්න පුලුවන්. ඒත් ගොඩාක් මිල අධික Adpack Plans තියෙනවා නම් ඒක Revshare වෙසින් එන HYPE එකක් වෙන්න ඉඩ වැඩි. ඒ වගේම තමයි ඒ ඒ Adpack Plan එකට එන Return of Investment ප්‍රතිශතය.

සාමාන්‍ය Stable Revshare එකක මේ ROI එක අඩුම Adpack එකේ ඉඳලා වැඩිම එකට යනකම් දෙන්නේ උපරිම 110% – 120% අතර ප්‍රමාණයක්. ඊටත් වඩා දෙනවා කියනවා නම් ඇත්තටම විශ්වාස කාන්න අමාරුයි. අනිත් එක Daily Cap එක. ඒ කියන්නේ දවසට එන ආදායමේ ප්‍රතිශතය. මේකත් සාමාන්‍යයෙන් 3%ට අඩුයි.

Min & Max Withdraw Limits

උපරිම සහ අවම Withdraw ලිමිට් එකත් බලපානවා Site එකට. ඉතා අඩු ($1-2) හෝ ඉතා වැඩි ($1000+) සතියේ දවස් 7ම දෙනවා කියලා හිතන්නකෝ. එහෙම උනොත් මොකද වෙන්නේ? ඉක්මනින්ම Site එක ඇතුලෙන් මුදල් එලියට ගිහින් Program එක චකබ්ලාස්ට් වෙනවා. ඒ නිසා සාමාජිකයින්ටත් අපහසු නොවෙන්න Min Max Rate එකක් Maintain කරගෙන යනවා නම් Site එක Stable වෙන්න ඒක හේතුවක් වෙනවා.

Adpack Maturity Time

එක Adpack එකක් Expire වෙලා Total Income එක එන්න යන කාලයත් බලන්න. සාමාන්‍යයෙන් මේක කිසිම Site එකකින් නිශ්චිතව කියන්නේ නෑ. දළ වශයෙන් කිව්වත් මාස දෙකක් විතර ගන්නවා. පොඩි Adpack එකක් උනත් මාසයක් වත් අදින්න ඕනි. Adpack එකක් Expire වෙන්න දවස් 20ක් 25ක් වගේ දීල තියෙනවා නම් නැත්නම් ඊටත් අඩුයි නම් ඒ ප්‍රෝග්‍රෑම් එක වැඩක් නෑ කියලා හිතා ගන්න.

Ref Commissions

සාමාන්‍යයෙන් Revshare එකකින් Ref Commission එක දෙන්නේ 5%-10% වගේ පරාසයක්. සමහර විට ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි ලොකු ලොකු Percentages වලින් රෙෆ් කොමිස් දෙන්න අහන Programs කියන්නේ Scam වෙන්න ගොඩක්ම ඉඩ තැනක්.

Fees

ඉහල අගයක ROI එකක් සහ Ref Commission % එකක් දාගෙන හිටියත් වැඩි සාමාජික ගාස්තුවක් අය කරනවා නම්, නැත්නම් ඉහල Repurchace Rule එකක් තියෙනවා නම් අපිට හිතාගන්න පුළුවන් මේ Site එකෙන් මුදල් එලියට යන එක වක්‍රාකාරව හරි නවත්වාගන්න ඔවුන් සමත් වෙයි කියන එක.

Activities

මේ කියන්න හදන්නේ අන්තර්ජාල සමාජය තුල මේ Site එකේ අයිතිකරු හැසිරෙන විදිය සහ Program එක හසුරුවන විදිය ගැන.

revshare admin review sinhala
Revshare Admin Activities

Admin

Site එක ගැන කියනකොට Admin, Owner ගැන ලොකු අවධානයක් යොමු කරන්න වෙනවා. හරි හමන් Admin කෙනෙක් නම් තමන් ගැන විස්තර සඟවන්නේ නෑ. නම ගම විස්තර, දුරකථන අංකය, සහ තමන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට ඕනිම කෙනෙකුට ඔහු අවස්තාව සලසනවා. ඒ කියන්නේ Admin කෙනෙක්ගේ Transparency එක ගොඩක් වැදගත්.

ඒ වගේම තමයි ඔහුගේ ඉතිහාසය. කලින් වෙනත් Programs වලට සම්බන්ධ වෙලා නරක නමක් හදාගෙනද? දැනුවත්ව හෝ නොදැනුවත්ව Scam Websites Promote කරන්න දායක වෙලාද? ඔහු Revshare Field එකට ආධුනිකයෙක්ද? අත්දැකීම් බහුල කෙනෙක්ද? ඔහුගේ අධ්‍යාපන සුදුසුකම්, Business Management හැකියාවන් ගැන තියෙන සඳහන් මොනවාද? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න බලන්න.

අනික තමයි, ගොඩක් ප්‍රෝග්‍රෑම් පටන් ගන්නේ බොහෝ විට එක්කෙනෙක් දෙන්නෙක්. ප්‍රශ්නයක් අහන්න උත්තරයක් ගන්න ලේසි නෑ. රියල් ටයිම් සපෝට් එකක් ගන්න, Support Ticket එකකට උත්තරයක් එන්න කෙස් පැහෙනකම් බලන් ඉන්න වෙනවා. ඊට වඩා හරි හමන් ටීම් එකක් ඉන්න ප්‍රෝග්‍රෑම් එකක් හොඳයි නේද? ගොඩක් විට මෙහෙම Revshares පටන් ගන්නේ කම්පැනි වලින්.

Social Groups

මේ කියන්නේ ඉතින් Official Facebook Groups ගැන තමයි. පුළුවන් ඉක්මනින් Join වෙලා අනිත් සාමාජිකයින් සමඟ විස්තර කතා බහ කරන්න. ඒ වගේම Group එකට සාමාජිකයින් Add වෙන වේගය ගැන, Payment Proofs ගැන, Admin ඒ Group එක ඇතුලේ කොයි තරම් Active ද, සාමාජිකයින්ගේ ප්‍රශ්න වලට මොන වගේ අවධානයක් දෙනවද කියන එක ගැන අවධානයෙන් ඉන්න.

Extra Income

Program එකට වෙනත් Income Sources තියෙනවා නම් ඒක ටිකක් අපේ විශ්වාසය දිනාගන්න වැදගත්. අද ගොඩක් Revshare Programs මොකක් හරි Forex, Crypto-Trading වගේ අමතර ආදායම් තමන්ගේ Program එකට ඈඳාගෙන වැඩ කරන්නේ. ඒත් ඒ Income Source එකෙත් ඇත්ත නැත්ත හොයාලාම බලන්න.

Promoting

Site එකක් හරියට Promote කරන්න වැඩ පටන් ගන්නේ ඒක Pre-Launch එකේ තියෙද්දීමයි. හරි හමන් Business Plan එකක් ගහගෙන එන Program එකක් නම් මේ Promoting වලට ලොකු මුදලක් සහ මහන්සියක් යට කරනවා. මොකද සාමාජිකයින් එකතු වෙන තරමටයි ආදායම් ලැබෙන්නේ. ඉතින් Membersලා එන ප්‍රමාණය සහ වැඩිවෙන වේගය අඩු නම් පරිස්සම් වෙන එක හොඳයි.

Reviews

Online Forums, සහ වෙනත් Websites වලටත් ගොඩ වැදිලා අදාළ Program එක ගැන හොයලා බලන්න. Online Reviews ගැන කියනවා නම්, හොඳ Trust Site එකක් එනකොටම Reviews බර ගානක් Websites වල වැටෙනවා. එව්වා බහුතරයක් ඉතින් Ref Links පල කරවාගන්න ලියන ඒවා. ඒ ඇරෙන්න මුදලට ලියන Reviews තියෙනවා. පුළුවන්කමක් තියෙනවා නම්  DigitalPoint හෝ Warrior Forum  වගේ Forum එකකට ගොඩ වැදිලා හොයලා බලන්න. ඒවායේ අත්දැකීම් සපිරි සාමාජිකයෝ ලියපු Reviews තියෙනවා.

අතුරු කතන්දර

Alexa Ranking & Google Trend

මේ කියන්නේ අදාළ Website එකට යනකොටම තොරණ වගේ දාල තියෙන Ranking Details නෙවෙයි. Alexa එකටම ගිහිල්ලා අපි හොයාගන්න විස්තර. මේක බලන්නේ නම් අඩුම මාසයක් වත් ඇදපු Revenue Sharing Program එකක් ගැන. Site එක Launch කරපු දවසේ ඉඳලා අද වෙනකම් Traffic ලැබුන හැටි දැනගන්න පුළුවන් මෙතනින් ගිහින්. එකෙන් ඔයාට වැටහීමක් ලැබෙයි Site එක නැගීමක ඉන්නවද බැසීමක ඉන්නවද කියන එක.

Alexa Rank එක විතරක් බලලා මදි. Site එකට Traffics තිබුනත් මේකේ Search ට්‍රෙන්ඩ් එකත් මොන වගේද කියල බලලම ඉන්න. එක හොයාගන්න පුළුවන් Google Trend වලින්. ඔය Tools දෙකේම ප්‍රස්තාර දිගට හරහට අධ්‍යයනය කරලා බලන්න ඒ ඒ Site එක තියෙන්නේ ඉහල නගිමින්ද, පහල බසිමින්ද, ඉහල නගිනවා නම් ඒ ඉහල නගින වේගය අඩු වෙමින්ද, වැඩි වෙමින්ද, කියන විස්තර.

පහල තියෙන්නේ අපි කවුරුත් දන්නා TAT එක ගැන මම බලපු විස්තර.

The Ads Team Alexa Rank chart
The Ads Team Alexa Rank
The Ads Team Google Trend chart
The Ads Team Google Trend

Revshare Complaints

කොයිකටත් කියලා Site එක ගැන එක එක්කෙනා නගාපු මැසිවිලි සහ චෝදනා අන්තර්ජාලයේ තියෙනවද කියලා හොයලා බලන එක හොඳයි නේද? සමහර විට මුලින්ම කෙලවාගත්තු කෙනෙක් අනිත් අය දැනුවත් කරන්න කොහේ හරි විස්තරයක් පල කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා Google කරලා බලන්නකෝ අදාළ Program එකේ නමත් එක්ක අගට Complaints කියල දාලා. එතකොට එන Result එකේ මුල් පිටු කිපයකට ගිහින් පොඩ්ඩක් කියවලා බය සැක හැරගෙනම එන්න.

මම දන්නා තරමින් කියන්න ඕනි සේරම කිව්වා. පොදුවේ ගත්තොත් මේ හැම Point එකකින්ම උත්සාහ කරලා තියෙන්නේ අදාළ Program එකේ Concept එක මොනතරම් ශක්තිමත්ද, මොන තරම් ජනප්‍රියද, සහ අනාගතය මොන වගේ වෙයිද කියලා අදහසක් ගන්නයි. මේ එකක්වත් යොදාගෙන Revenue Sharing Program එකක් ගැන අදහසක් ගන්න අපිට බෑ.ඒත් මේ සේරම එකතු කරලා ගත්තොත් දළ අදහසක් ගන්න පුළුවන්.

ඒ වගේම Revshare එකක් Stable වෙන්න නම් දිගින් දිගටම ඒකට Members ලා එන්න ඕනි, ඉන්න අය උනත් නැවත නැවත මුදල් තැන්පත් කරන්න ඕනි. කෙලින්ම කිව්වොත් Site එක ඇතුලට මුදල් එන ප්‍රමාණය වැඩි හෝ ඒකාකාරිව තියෙන්න ඕනි. ඒ වගේම Site එකෙන් මුදල් එලියට යන එක පාලනය කරගන්න Min Max Withdrawal Limits, Member Fees, Repurchase Rule, ROI & Ref Commissions, වගේ දේවල් වල දරාගත හැකි සීමාවන් තියාගන්න ඕනි. අන්න ඒ දේවල් සාක්ෂාත් කරගන්න අදාළ Program එකෙන් ගන්න පියවර උඩ අපිට හිතාගන්න පුළුවන් ඒක මොන තරම් Stable ද කියන එක.

මම මුලිනුත් කිව්වා වගේ, මම Expert කෙනෙක් නෙවෙයි. ඒත් අලුත් දෙයක් පටන් ගන්න කලින් Site එකේ හැටි, Adminගේ වගතුග, Business Plans ගැන හොයලා බලලා ඉන්නත්, මගදී Join වෙන හෝ Join වෙලා ඉන්න එකක ගැන හැම වෙලේම දත්ත විශ්ලේෂණය කරලා බලන්නත්, මගේ Sponsor Follow කරන්නත් මම අමතක කරන්නේ නෑ. අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ, ඔයාට තනියම මෙච්චර දෙයක් කර කර දඟලන්න බෑ කියලා හිතෙනවා නම්, හොඳ Sponsor කෙනෙක් හොයාගන්න.

මගේ අලුත්ම ලිපි සහ තවත් වටිනා කියන සටහන්, අලුත් අලුත් අප්ඩේට්ස් ඔබේ අතටම ගෙන්වා ගන්න ඕනි නම්, සාරභූමි Email Newsletters List එකට Subscribe කරන්න අමතක කරන්න එපා.

GoldMoney ගැන පක්ෂග්‍රාහී විචාරයක්
Online ආයෝජන වලදී අවදානම කළමනාකරණය කරන කරුණු 10ක්
Advertisements