GoldMoney වල විස්තරය ලියලා දවසයි. මුල ඉඳන් Account එක හදාගන්න හැටි Deposit කරන හැටි, Account එක Verify කරගන්න හැටි ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙන තැනට වැඩ කටයුතු සැලසුණා. මේ වගේ Account එකක් හදාගන්න හැටි පොඩ්ඩ පොඩ්ඩ කියල දෙන එක නම් මගේ විදිය නෙවෙයි. Form එකක් Fill කරලා Email Verify කරලා Account එකක් Active කරගන්න එක අපිට මහා දෙයක් නෙවෙයි. ඒත් මේ අන්තර්ජාලේ තාමත් අපේ උන් ඉන්නවා මුල ඉඳන් කියල දෙන්න ඕනි අය. අන්න එයාලට මේක ලියන්නේ. GoldMoney සිංහල රිවීව් එක බලන්න මෙතනින් යන්න.

යමු රත්තරන් ගන්න

මුලින්ම එන Page එකේ ඔයාට තෝරාගන්න එනවා. Account එකක් හදාගන්න Plan 3ක්. අපි යන්නේ නිල පාටට තියෙන Personal Plan එකෙන්. Business Plan එක තියෙන්නේ Merchant කස්ටියට. Wealth එක ඉතින් ඊටත් එහා.

Goldmoney Personal Registration
Goldmoney Personal Registration

GoldMoney Registration

ඕකට ගියහම එනවා අපේ Personal Details පුරවන්න Form එකක්. රුපියල් වලින්ම ගනුදෙනු කරනවා නම් Default Currency කියන එකට LKR තෝරලා දෙන්න. Email ඒකට ඔය Use කරන Mail එකක් දෙන්න. ඉස්සරහට ඒකත් Verify කරන්න එනවා.

goldmoney_personal_info_form
GoldMoney Personal Info

දැන් ඔය විස්තර පුරවල Google Captcha එකත් පුරවල ඊළඟ Form එකට ගියාම එනවා Phone Number එක Verify කරන්න. එකේදී ඔයාගේ රට හැටියට ලංකාව තියාගෙන ඊට ඉස්සරහින් ඔයාගේ 4න් නම්බර් එක කොටන්න මුලට එන 0 නැතුව. ඒකත් කලාම එනවා ඔයාගේ නම්බර් එකට අංක 4ක Pin එකක්. එක ටක් ගාල ඇතුලත් කරන්න. මොකද ඒ Pin එක Valid වෙන්නේ මිනිත්තු 5යි. ඒකත් කලාම එනවා අයෙත් Address එක දාන්න Form එකක්. මේ ටික පුරවන්න ඕනි පරිස්සමින්. ඔයා ඉස්සරහට මේ Account එක Verify කරගන්න බලාපොරොත්තු වෙන NID එකේ නැත්නම් License එකේ, Passport එකේ තියෙන විදියට Address එක දෙන්න. රත්තරන් කුට්ටියක් ගෙදරට ගෙන්නගන්න ඉන්නවා නම් ඒ Address එක හරියටම දෙන්න.

ඔයාගේ පුද්ගලික විස්තර සේරම පුරවල ඉවර උනාම ඔයාට Mail එකක් එනවා Email එක Verify කරන්න කියලා. ඒකට කෙටුවම Mail එකත් Verify වෙනවා. දැන් ඔයා Log වෙන්න Account එකට.

ඔයාට දවස් 7ක් ඇතුලත සල්ලි දාන්න පුළුවන් උනොත් මෙයාලගෙන් බෝනස් එකකුත් ලැබෙනවා. මගෙන් RCB එකකුත් එනවා.

Deposit කරන හැටි

GoldMoney වලට ලොග් උනාම ඔයාව වැටෙන්නේ Dashboard එකට.  එතන උඩ තියෙනවා Icons List එකක්. එකෙන් Deposit තෝරාගන්න.

goldmoney_dashboard_icons
How To Deposit?

ඔයාට Deposit එකක් දාන්න ක්‍රම 3ක් එයාල දෙනවා.

  1. Bank Transfer (මේකට Account එක Verify කරන්න ඕනි)
  2. Debit/Credit Card (ඔයාට කාඩ් එකෙන් සල්ලි දාන්න ඕනි නම් මේක තෝරන්න.)
  3. Additional Options (Bitcoin වලින් දානවා නම් මේකට යන්න)

මේ පහල තියෙන්නේ ඒ ක්‍රම 3.

goldmoney_deposit_moethods
03 Deposit Options

මුලින්ම බලමු Card එකෙන් සල්ලි දාන විදිය.

Debit හෝ Credit Card එකෙන් Deposit කරන හැටි

මෙයාලට ලෝකේ වටේම Vaults (සුරක්ෂිතාගාර) තියෙනවා Gold Store කරන්න. ඔයාල Card එකෙන් Deposit කරනකොට මේ රූපේ තියෙනවා වගේ කැමති Branch එකක් තෝරලා දෙන්න පුළුවන්.

goldmoney_deposit_via_debit_card
Debit/Credit Card Deposit

දැන් Next ගියාම එනවා ඔයා දාන මුදල් ප්‍රමාණය සටහන් කරන්න. අඩුම රුපියල් නම් 1500ක් වත් පලවෙනි පාර දාන්න. හේතුව ඔයාගේ Transaction එකට පොඩි ගානක් කැපෙනවා. එතන යට තියෙනවා නේද “Make This Transfer Recurring” කියල එකක්? එකෙන් පුළුවන් ඔයාට නියමිත දවස්, සති හෝ මාස ගණනකට වරක් මේ Account එකෙන් Auto මුදල් තැන්පත් වෙන්න සලස්වන්න. එහෙම කරන්න ඕනි නැත්නම් මේක රතු පාටින්ම තියෙන්න අරින්න.

goldmoney_deposit_amount_credit_card
Deposit Amount Via Debit/Credit Card

ඊළඟ පිටුවට ගියාම එනවා ඔයාගේ Card එක එකේ විස්තර දාන්න Form එකක්. එකේ විස්තර හරියටම දෙන්න වරද්දන්නෙ නැතුව. ඔතන විස්තර පුරවන්න ඕනි විදිය පහල පින්තුරේ තියෙනවා.

add_credit_debit_card to goldmoney
How to add credit/debit card to Goldmoney?

මෙතන CardHolder කියන්නේ Card එකේ අයිතිකාරයා. ඒ නම Card එක උඩ Print කරලා තියෙන විදියටම දෙන්න. එහෙම එකක් නැත්නම් සාමාන්‍ය විදියට නම දාන්න. ඔය ටිකත් Fill කරලා Deposit Button එක එබුවම ඉක්මනින්ම සල්ලි Deposit වෙනවා.

Bitcoin වලින් Deposit කරන හැටි

කලින් වගේම Deposit Icon එකෙන් ගියහම එන Deposit Types 3න් Additional Options වලට යන්න. එතකොට එන Page එකෙන් CryptoCurrencies තෝරලා දෙන්න. Next Page එකෙන් ඔයාට එනවා Deposit කරන්න Vault එක තෝරලා දෙන්න. BTC වලින් කරනවා නම් දැනට තියෙන්නේ Dubai Vault එක විතරයි.

Next Page එකේ ඔයාට පුළුවන් Deposit කරන BTC ගැන සඳහන් කරන්න. අවම ගාන 0.00037 BTC මේ වෙලාවේ නම්. ඒ උනාට පුළුවන් උපරිම ගානක් දාන්න. මොකද 5%ක බෝනස් එකකුත් හම්බ වෙනවා දවස් 7ක් ඇතුලත දැම්මොත්.

දැන් ඔය ගානත් දාල Process එකෙන් ගියාම හම්බ වෙනවා Bitcoin Address එක සහ QR Code එක අඩංගු Page එකක්. ඒ දාල තියෙන BTC Address එකට ඔයා දාන BTC ගැන Send කරන්න මිනිත්තු 15ක් ඇතුලත. මොකද ඒ Address එක Valid වෙන්නේ මිනිත්තු 15යි. CoinPayments හරහා Send කරනවා නම් එයාලගේ Fees ඔය Deposit එකටම එකතු කරලා යවන්න අමතක නොකර.

Deposit Goldmoney with bitcoin
Buy Gold via Bitcoin

GoldMoney Account Verification

GoldMoney Account එකක Verify කරගන්න දේවල් 3ක් තියෙනවා.

  1. ඔයාගේ Phone Number එක
  2. Email Address එක
  3. ඔයාගේ Identity එක

මුල් දෙක නම් දැනටමත් Verify වෙලානේ තියෙන්නේ. Identity එක Verify කරන්න නම් ඔයාගේ NIC එකේ, License එකේ හෝ Passport එකේ පැහැදිලි Photo එකක් යවන්න ඕනි. ඒකට ඔයා අර Deposit Icon එකට පොඩ්ඩක් එහා තියෙන “More” Click කරලා එන Drop Down List එකෙන් Profile & Identity තෝරාගන්න. එතකොට එන Page එකේ පැත්තකින් තියෙනවා Upgrade To Personal Verified කියල නිල් Button එකක්.

goldmoney_Account Verification
Goldmoney Verification Process

ඒකට ගියාම තෝරාගන්න පුළුවන් ඔය Upload කරන්නේ NIC, License හෝ Passport 3න් මොකක්ද කියල. ඒකත් තෝරලා යටින් අහන විස්තර ටිකත් පුරවල Photo එක Upload කරන්න. එයාල විස්තර බලල කියල ඔයාව Verify කරයි. මේ කිව්වා ඇති මම හිතන්නේ. තවත් ප්‍රශ්න තියේ නම් ලජ්ජා නොවී අහන්න 😀 ඕනිම දෙයක් අවුල් වගේ නම් මට කියන්න. ඕනි වෙලාවක සපෝට් එක දෙන්නම්.

Goldmoney Register

Advertisements