Gold කියන්නේ Money

දැනට ගොඩක් කාලයකට කලින් ඉඳලා ලංකාවේ අන්තර්ජාල ව්‍යවසායකයින් අතර GoldMoney.com ජනප්‍රිය උනා ඉක්මනින් පහසුවෙන් අතේ ඇති සුළු මුදලකින් ලංකාවට වඩා සාපේක්ෂව අඩු මිලකට රත්‍රන් මිලදීගන්න, ගෙන්වාගන්න හෝ මිල ඉහල යනකම් තැන්පත් කර තියන්න පුළුවන් නිසා. ඉතින් වැඩි දෙනෙකුට මේ Program එක අමුත්තක් නොවෙන්න පුළුවන්. මමත් මේ ගැන දැනගෙන ගොඩක් කල්. ඒ උනත් මෙතෙක් කල් වෙනකම් GoldMoney සමග වැඩ නොකරන්න හේතු කිහිපයක් මට බලපෑවා.

එකක් තමයි Gold Market එක ගැන නොදන්න කම. Stock Market එක ගැන, Forex Market එක ගැන හරියට Study කරන්න, ඒ ගැන යන්තමින් හරි තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගියා. ඒ නිසා World Gold Market එකේ හැසිරීම, Gold Price එක ගැන අමුතුවෙන් හොයලා බලලා ඉගෙන ගන්න එක මට කම්මැලි මාතෘකාවක් උනා. ඉතින් හැමෝම වගේ රැල්ලට මේක කරද්දී එන එන එව්වට අත දාන පුරුද්දක් නොතිබ්බ මම, හරි හැටි හොයලා බලන්නේ නැතුව Gold වලට අත ගැහුවේ නෑ.

තව හේතුවක්ම තමයි මම නිරත වෙලා හිටපු Online Business programs. කලිනුත් කිව්වා වගේ හැම එකටම අත නොදා, කරන දෙකක් තුනක් ගැන හොඳටම අවධානය යොමුකරලා වැඩ කරගෙන යන එක මගේ විධිය. ඒ නිසා GoldMoney කියන එක මගේ ඔලුව ඇතුලටම ආවේ නෑ.

අනික තමයි මේක දිගුකාලින ආයෝජන ක්‍රමයක්. අවදානමත් ඉතින් මම හිටපු Programs වලට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසාම ආදායමත් අඩුයි. අද හෙට හෝ මාසෙකින් දෙකකින් හරිහමන් ප්‍රතිලාභයක් ගන්න බෑ GoldMoney එක්ක. මේක වසර කිහිපයක් වත් ඉදිරිය බලලා කරන ඕනි ආයෝජනයක්. ඒ නිසා අද සල්ලි දාලා හෙට Profit ගන්න තියෙන ආසාව 100%කම ඔලුවෙන් ඉවත් කරගන්න බැරිව ඉඳපු ඒ කාලේ මම, GoldMoney දිහා ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ.

ඇයි එතකොට අද GoldMoney කරන්නේ?

එකක් තමයි Gold Market එක ගැන මගේ දැනුම කාලයත් එක්ක අලුත් උනා. ඒ නිසා මම දන්නවා අද තියෙන Gold Price එක තව වසර කිහිපයක් යනකොට වැඩි වෙනවා කියන එක. අද ඉඳන් ආපස්සට කෙටිකාලීනව බලද්දී Gold Price එකේ නැගීම වලට වඩා තිබුනේ බැසීම්. ඒත් මම කිව්වනේ, GoldMoney කියන්නේ වසර කිහිපයක් වත් එහාට බලන්න ඕනි ආයෝජනයක්. ඉතින් වසර කිහිපයක් ආපස්සට බලපු මම දැක්කේ මොකක්ද? ක්‍රම ක්‍රමයෙන් ඉහල නගින Gold Price එක. ඒ ගමන වසර කිහිපයක් ඉදිරියට හිතපු මට පෙනුනා Gold වල තියෙන හැංගුන අවස්තාවක්.

2012 අවුරුද්දේදී Gold අවුන්සයක මිල ඩොලර් 1800ට පොඩ්ඩක් වැඩි උනා. අද දවසේ (මේ ලියන මොහොතේ) Gold Price එක තරමක් අඩුවෙලා තියෙන්නේ. (අවුන්සයක් ඩොලර් 1200ක්) ඉතින් රත්තරන් ආයෙත් ගණන් උස්සන්න කලින් පුළුවන් තරමක් අරන් දාන එක වටිනවා ගණන් ගියාට පස්සේ ගන්නවට වඩා.

gold-price-chart-for-20-years
Gold Price for 20 Years

Freelancing Jobs කරලා කරලා මහන්සි උන මට Revshare Programs වල දවසකට සැරයක් මිනිත්තු කීපයක් වැඩ කරන එක මහා දෙයක් නෙවෙයි. ඒ උනාට GoldMoney වල එහෙමවත් වැඩක් නෑ. අද ආයෝජනය කරලා තව අවුරුදු කීයකින් ආවත් ප්‍රශ්නයක් නෑ. ඒ සල්ලි පැටවු ගගහා තියේවි මම එනකල්.

කෙටිකාලීන අධි අවදානම් වගේම දිගුකාලීන අඩු අවධානම් කියන දෙවර්ගයේම Business Programs වලට මම මුදල් යොදවනවා. හේතුව අද දවසේ ලබන මාසේ සහ තව අවුරුදු කිහිපයකින් මගේ ආදායම් මාර්ග මොන වගේ වෙන්න ඕනිද මගේ ආදායම් කොපමණ වෙන්න ඕනිද කියන එක ගැන මගේ සැලසුම් වලට ඇතුලත් කරන්න මේක ගොඩක්ම ගැලපෙනවා.

GoldMoney කියන්නේ මම දැකලා තියෙන අවධානම අඩුම සහ හොඳම දිගුකාලීන ආයෝජන අවස්ථා කිහිපයෙන් එකක්. හැබැයි මතක තියාගන්න ඕනි දේ තමයි ඕනිම අන්තර්ජාල ආයෝජන අවස්තාවක අවධානම කියන දේ අඩු වැඩියෙන් හරි තියෙනවාමයි කියලා. අද හෙට දවසක Scientist කෙනෙක් කළුගල් රත්තරන් කරන්න Chemical එකක් හොයාගත්තොත් රත්තරන් මිලට වෙන දේ කියන්න ඕනි නෑනේ.

GoldMoney කියන්නේ මොකක්ද?

GoldMoney කියන්නේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් අතැති මුදලක් රත්තරන් හැටියට තැන්පත්කර තියාගන්න පුළුවන් Online ගිණුමක් නොමිලේම හදාගන්න ඔබට අවස්තාව සලසන තැනක්.  පටන් ගත්තේ 2011දි. මුලදී රත්තරන් ගන්න පුළුවන් උනේ Bitcoin හරහා විතරයි. ඒ කාලේදී Bitgold කියලා හඳුන්වපු මේක පස්සේ Major Currencies කිහිපයකුත් එක්ක වැඩ පටන් අරන් 2015දී GoldMoney කියලා නමත් වෙනස් කරගත්තා.

අපිට අද උනත් කඩේකට ගිහිල්ලා රත්තරන් ටිකක් සල්ලි වලට ගන්න එක කොහොම වැඩක්ද? මිලදී ගන්න විකුනන්න හෝ ගියාම අධික මිලක් ගෙවන්න වෙනවා. නියමිත බරකට විතරයි ගන්න පුලුවන්. ඒ මදිවට රත්තරන් ගනුදෙනු කියන්නේ අවධානම් සහ කරදරකාරී වැඩක්. අරගත්තා වගේ නෙවෙයි. ගණන් ඉහල යනකම් ළඟ තියාගන්නත් අද රට විශ්වාස නෑ. අන්න ඒ අවුල විසඳන්න තමයි GoldMoney ඉන්නේ.

ඇත්තම කියනවා නම් GoldMoney කියන්නෙත් එක්තරා විදියක Online Wallet එකක්. ඔයා Paypal, Payza, Bitcoin, භාවිත කරලා තියෙනවා නම් මේකත් ඊට වඩා වෙනසක් ඇත්තේ නෑ. නැත්නම් හිතන්නකෝ බැංකුවක් කියලා. ඔයා ඔයාගේ සල්ලි ගිනුමක තැන්පත් කරනවා. එයාලා ඒ මුදල් රත්තරන් හැටියට තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔයා ඔයාගේ වත්කම් රත්තරන් හැටියට Account එකක දාගෙන ඉන්නවා. උවමනා උනොත් අතට ගන්නවා. ගනුදෙනු වලට භාවිත කරනවා. වෙනසකට තියෙන්නේ අනිත් Online Wallet වගේ නෙවෙයි. මේකේ තියෙන රත්තරන් වල වටිනාකම කාලයත් සමග ඉහල යනවා.

GoldMoney වලදී ඔයාට Account එකක් හදාගන්න Plans 3ක් හඳුන්වා දීල තියෙනවා. ඒවා තමයි  Personal, Business, සහ Wealth. මෙයින් ලංකාවේ අපිට ගැලපෙන්නේ Personal Plan එක.

ඇයි රත්තරන්ම?

ඔයාට පුලුවන්ද USA ගිහිල්ලා රුපියල් 100ක් දීලා බනිස් ගෙඩියක් කන්න? නැත්නම් ජපනෙකුට මෙහෙ ඇවිත් ජපන් යෙන් 100ක් දික් කරලා කෙහෙල් ඇවරියක් ගන්න? එහෙම බෑනේ. අපිට අපේ සල්ලි ඒ ඒ රටේ භාවිත වෙන මුදල් ඒකකයකට මාරු කරගන්න වෙනවා. නැත්නම් ඒ රටවල් එක්ක ගනුදෙනු කරන්න බෑ.

ඒ උනාට ඔයා අතේ රන් කුට්ටියක් තිබ්බොත්? කිසි අවුලක් නෑ. මේ පෘථිවි තලයේ ඕනිම තැනකට ඔයාව පිලිගන්නවා. රත්තරන් කියන්නේ අන්තර්ජාතිකව ඕනිම දෙයක අගයක් ගෙවන්න භාවිත කල හැකි ඒකකයක්. යම්කිසි මුදල් වර්ගයක්. ඕනිම රටක ජාතියකට රත්තරන් කියන්නේ මිල අධික Commodity එකක්.

Gold වල අගය ක්‍රම ක්‍රමයෙන් ඉහල යනවා. සමහර විට අද අගය බැහැලා ඇති. හෙටත් තව පල්ලමක් බහිවි. ඒත් දවසක රත්තරන් මිල ඉහල යනවා සත්තයි. ඒත් ඒක වෙන්නේ දවසින්, මාසෙකින් දෙකකින් නෙවෙයි. වසර කිහිපයකින්. අපි බලන්න ඕනි සමස්තයක් විදියට තව වසර කිහිපයකින් අපි ළඟ තියෙන රන් කුට්ටියක අගය කියක් වේවිද කියන එක. ඔයා හිතනවද තව අවුරුද්දක් දෙකක් යනකොට මේ තියෙනවට වඩා රන් මිල අඩු වෙලා තියේවි කියලා?

GoldMoney වල වාසි මොනවද?

පොඩි ගානකින් උනත් අපිට Gold ගන්න පුළුවන්. අවම ප්‍රමාණය 0.001 grams, අදට ගණන් හැදුවොත් Rs. 6.00 වගේ ගානක්. ඒ උනාට ඒ වගේ පොඩි ගණන් අරන් තියලා තේරුමක් නෑනේ. අඩුම තරමේ දාහක දෙදාහක වත් ගන්න ඕනි. නැත්නම් ලාභයක් ලබන්න ලොකු කාලයක් බලන් ඉන්න වෙනවා.

gold-to-usd convert
Gold Price in USD

මෙයාල අපිට නොමිලේම Insurance කරපු Storage එකක් දෙනවා. හිතේ බයක් නැතුව රත්තරන් දාලා තියන්න පුළුවන්.

ලංකාවට Full Support. රුපියල් වලින්ම ඔයාට ගනුදෙනු කරන්න පුළුවන්. අතේ තියෙන වීසා ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් ලේසියෙන් සල්ලි දාන්නත් පුළුවන්. ලංකාවේ ජාතික හැඳුනුම්පතෙන් Account එක Verify කරන්නත් පුළුවන්. මූණ කොච්චර කැත උනත් ප්‍රශ්නයක් නෑ.

මුදල් තැන්පත් කරන්න මේ ක්‍රම වලට අමතරව Bank Transfer හෝ, CryptoCurrencies භාවිත කරන්නත් පුළුවන්. මම නම් ගත්තේ Bitcoin වලින්. හැබැයි ඔයත් Bitcoin වලින් ගන්න යනවා නම්, BTC අගය පොඩ්ඩක් ඉහල යනකම් ඉන්න. නැත්නම් පාඩුයි.

නොමිලේම MasterCard එකක් ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්. ඒ Card එක මගින් ලංකාවේ ඕනෑම MasterCard ATM එකකින් ඔයාගේ GoldMoney සල්ලි අතට ගන්න පුළුවන්. මාසික ගාස්තු අනන් මනං නෑ. ඒත් මේක Prepaid Card එකක්. ඉතින් සල්ලි Card එකට Redeem කරන්න ඕනි සල්ලි ගන්න නම්. ඒකට 0.5%ක් කැපෙනවා. දවසක් ඇතුලත ඒ සල්ලි Card එකට එනවා. ඉන් පස්සේ සල්ලි ගන්න පුළුවන්. ATM එකෙන් ගනිත්දී Fee එකක් අදාළ රටේ හැටියට කැපෙනවා.

ඔයාගේ Card එක නැතිකරගන්න එපා. පලවෙනි එක විතරයි නිකන් දෙන්නේ. ගොඩක් දෙන අහනවනේ ඇත්තටම එනවද කියලා. ඔව් කාඩ් එක එනවා. මම අන්තිමෙදී කාඩ් එක ගෙන්නගත්තා. එන්න දවස් 10යි ගියේ.

goldmoney mastercard for srilanka
GoldMoney MasterCard

MasterCard එකට Apply කරන්න නම් ඔයා Account එක Verify කරගෙන අඩුම 0.2g (රුපියල් 1300ක්) වත් Gold අරන් ඉන්න ඕනි.

ඔයාට සල්ලි නැතුව රත්තරන් කුට්ටියක් උනත් ගෙදරටම ගෙන්නගන්න අවස්තාව තියෙනවා කියල Site එකේ කියනවා. ඇත්තම කතාව තමයි, මට තාම හම්බ වෙලා නෑ එහෙම ගෙන්නාගත්තු කෙනෙක්. ඒ නිසා මේ ගැන නම් වැඩිය Hopes තියාගන්න එපා.

ඒත් කියන හැටියට හොර බොරු නැතුව, බාල ලෝහ කවලම් නොකරපු පිරිසිදු (99.5%) රත්තරන් කුට්ටියක් ඔයාගේ ගෙදර ඇඩ්රස් එකටම එයාල එවනවා. හැබැයි, කුට්ටියේ ටිකක් විතර ලොකු අගයක් තියෙන්න ඕනි. මොකද මේ Physical Redeem එකට එයාල ඔයාගේ රත්තරන් වලින් ග්‍රෑම් 0.5කුත් අරගෙන Shipping Fees ටිකත් අයකර ගන්නවා. ඒ නිසා Gold ඇබින්දක් අරන් තියාගෙන ගෙදරට ගෙන්න ගන්න යන්න එපා.

මේවා එවන්නේ මේපල් කොලයක් හෝ කන්ගරුවෙක් කොටලා ඉන්න රන් කාසි විදියට, නැත්නම් රත්තරන් දාදු කැට වගේ කියුබ්ස්, එහෙමත් නැත්නම් Gold බාර් විදියට. කොහොම වෙතත් Gold ගෙන්න ගන්න හිතාගෙන මේකට ලැස්ති වෙන්න එපා. උන් කොහොම එව්වත් අපේ රටේ Gold සම්බන්ධ දේශීය සහ රේගු නීති රීති අපි දන්නේ නෑ. (දන්නා කෙනෙක් ඉන්නවා නම් කොමන්ටුවක් දාන්නකෝ)

සල්ලි කොහොම දැම්මත් ආපහු ගන්න ක්‍රම තියෙන්නේ 3යි. MasterCard එක. Physical Gold කුට්ටියක් ගෙන්නගන්න එක, සහ Bank Wire.

ඔයාල කාගේ හරි Referral Link එකකින් ගිහින් Register උනොත් සහ, Register වෙලා දවස් 7ක් ඇතුලත මුදල් තැන්පත් කලොත් ඔයාට 5%ක අමතර රත්තරන් බෝනස් එකක් ලැබෙනවා. මගේ යටතේ Register උනොත් RCB එකකුත් හම්බෙනවා හිටන්.

කැමති නම් මෙතනින් ගිහින් Personal Plan එකෙන් . මතක ඇතුව දවස් 7ක් ඇතුලත සල්ලි දාන්න. Account එක හදාගන්න එක මහා දෙයක් නෙවෙයි. ඒ උනත් Deposit කරන එක, Verify කරන එක, වෙනම ලියල තියෙනවා.  ඕනිම දෙයක් අවුල් වගේ නම් මට කියන්න. ඕනි වෙලාවක සපෝට් එක දෙන්නම්.

GoldMoney වල Register වෙන හැටි, Deposit කරන හැටි සහ Account Verification ගැන

GoldMoney Register

Advertisements