අන්තර්ජාලය මගින් මුදල් උපයන්න පුළුවන් කියන එක ලංකාවේ බහුතරයකට කොහොම උනත් අද දවසේ අන්තර්ජාල භාවිත කරන අයට බොරුවක් නෙවෙයිනේ. ක්‍රම සහ විධි නම් අනන්තවත් තියෙනවා. හැබැයි මෙතන ලියවෙන්නේ මගේ අත්දැකීම් උඩ මම අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න මෙතෙක් කල් භාවිත කල සහ තවමත් කරන මම දන්නා Program Models ගැන කෙටි හා සරල පැහැදිලි කිරීමක් විතරයි. ඉතින් මුදල් උපයන්න හැකි හැම දෙයක් ගැනම නම් මෙතන නෑ. සමහර ඒවා කරන්න ගිහින් මට කෙල උනා. සමහර ඒවා නිසා ගොඩ ගියා. ඔයා අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන ක්‍රම ගැන පොඩ්ඩක් හරි දන්නා කෙනෙක් නම්, ඔයාට නෙවෙයි මේ ලිපිය.

මේ හෑල්ල ලියන්න හේතු,

මොනවත්ම නොදන්නා අලුතින්ම මේ Field එකට බහින නවක අයට ඔවුන්ට කරන්න පුළුවන් දේ ගැන මගේ අත්දැකීම් උඩ කෙටියෙන් පැහැදිලි කිරීමක් දක්වන්න මට ඕනි උනා.

මම Blog එකේ ලියන්න අදහස් කරන්නේ ටිකක් විතර Advanced දේවල් උනත් මේ වගේ Basic දේවලුත් තිබුනේ නැත්නම් ඒක අඩුපාඩුවක් කියලා හිතුනා.

මේ තියෙන විස්තරම තවත් E Money ගැන ලියවෙන Websites හා Blogs වල ඇති. ඒ උනාට මමත් ලියනවා. ඉතින් අලුතින් මේවට බහින ඔබත් තමන්ට ගැලපෙන දෙයක් තෝරාගෙන ඒ ගැන වැඩි දුර අධ්‍යයනය කරලා ඒ ඔස්සේ ඉදිරියට යන්න පටන් ගන්න. විස්තර අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගෙන හෝ Google කරලා හෝ දැනුවත් වෙන්න. හරි හමන් අවබෝධයක් නැතුව නම් කිසි දෙයක් අත්හදා බලන්න කරන්න යන්න එපා.

PTC

මම Recommend කරන්නේ නෑ. ඒත් මමත් පටන් ගත්තේ මෙතනින් නිසා ඒ ගැන ලියලම ඉන්නවා. මේකෙදි කරන්නේ අපි PTC වෙබ් අඩවියක Register වෙලා ඔවුන් අපිට දවස ගානේ දෙන වෙළඳ දැන්වීම් නරඹලා ඒ වෙනුවෙන් මුදල් ලබා ගන්න එක. එක Ad එකකට ලැබෙන්නේ සත ගානක්. ඉතින් සැලකිය යුතු ගානක් උපයගන්න නම් Ads බර ගානක් බලන්න වෙනවා. ඒ අපේ කාලය සහ ශ්‍රමය නිකරුනේ මහන්සි වෙන නාස්තිකාර වැඩක්. පොඩ්ඩක් හරි Profit එකක් එන්න නම් ඔයාට සිද්ද වෙනවා තවත් අයට මේ Business එක හඳුන්වලා දීලා එයාල ඔයා යටතේ Register කරලා එයාලා Ads බලනකොට එකෙන් පොඩි Referral කොමිස් එකක් ගන්න. ඒත් ඉතින් PTC වගේ දෙයකට එහෙම කට්ටිය සෙට් කරන එකත් අපරාදයක්. ඒ නැත්නම් Referralsලා සල්ලි වලට ගන්නත් පුළුවන්.

PTC ගැන කිව්වා ඇති. කරන්න යන්න එපා. තේරුමක් නෑ.

Freelancing

ඔයාට මොකක් හරි පරිගණක සම්බන්ධව හැකියාවක් පළපුරුද්දක් තියෙනවා නම් Online Jobs කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාට Graphic පුළුවන් නම් ඔයාට පුළුවන් Company වලට Banners, Logos හදලා දෙන්න. මමත් කලේ Graphics. ඔයාට කඩ්ඩ පුළුවන් නම් හොදට ලියන්න පුළුවන් නම් Articles ලියලා විකුනන්න පුළුවන්. Programming කරන්න පුළුවන්. සින්දු කියන්න නටන්න පුළුවන් නම් ඒත් එහෙමයි. මේ වගේ වැඩ හොයාගන්න වෙනම Websites තියෙනවා.

දැනට ලංකාවේ කට්ටිය අතර ජනප්‍රියම එක Fiverr. ඊලඟට Upwork. තව තියෙනවා 99Designs, DesignCrowd, PPH. මම නිරත වෙලා තියෙන්නේ නම් මේ ටිකේ විතරයි. මේවා ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕනි තරම් සිංහල Web සහ Blog අඩවි අන්තර්ජාලයේ තියෙනවා.

මේවයේ තියෙන ගැටළු තමයි බහුතරයක් අපෙන් තුට්ටු දෙකට වැඩ ගන්න එක. විශේෂයෙන්ම Fiverr. අනික අපි උපයපු මුදල් අතට ගන්න ගියාමත් ප්‍රශ්න. Fiverr වලින් සල්ලි යවන්නේ Paypal කියන Online අපේ මුදල් තැන්පත් කරලා තියන්න පුළුවන් Wallet එකකට. ඒත් මේ Paypal ලංකාවට Support නැති නිසා අපේ ගොඩක් දෙනෙක් වෙන රටවල් විදියට Paypal Accounts හදලා සල්ලි ගන්නවා. උන්ට අහු උනොත් බඩු බනිස්. ඒ නිසා Fiverr සල්ලි ගන්න දැනට තියෙන හොඳම ක්‍රමය තමයි Fees වැඩි උනත්, Payoneer Card එකක් ගන්න එක. සමහර ප්‍රසිද්ද නැති අඩවි වල හොරු අපෙන් වැඩ කරගෙන මාරු වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් දැනට තියෙන ප්‍රසිද්ධ අඩවි සියල්ලම වගේ අපිට ඒ වගේ ප්‍රශ්න වලින් බේරෙන්න Security Options දීල තියෙනවා.

Online Selling

ඔයාට පුළුවන් අන්තර්ජාලයේ තියෙන විවිධ Auction Websites වල එක එක Items Sell කරන්න. චිත්‍ර හෝ අත්කම් නිර්මාණ, පරණ බඩු මුට්ටු හෝ ඔයා ලග තියෙන ඕනිම දෙයක්. International Market එකට යනවා නම් E Bay එක තමයි ප්‍රසිද්ධම. ඔය Marketing ඔලු ගෙඩි තියෙන අයට හොඳට Study කරලා මේ Field එකට බැස්සොත් අනිවා ගොඩ යන්න පුළුවන්. ලංකාවේ සමහරු සිද්ධාලේපත් විකුනනවා E Bay එකේ. එහෙව් ඈයෝ මේ සාම්ප්‍රදායික යට ඇඳුම් කියලා අමුඩ කෙටි හිටන් මේකේ විකුනන්න බැරි නෑ. ලංකාවේ Market එක Target කරනවා නම් Ikman තමයි මතක් වෙන්නේ.

මේ වගේ Physical Items විතරක් නෙවෙයි Sell කරන්න තියෙන්නේ. ඔයා හොද Photographer කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයාට ඔයාගේ Photos විකුනාගන්නත් පුළුවන්. ගොඩක්ම Models, Business, Buildings, Nature, Wild Life වගේ Photos වලට Market එකක් තියෙනවා. මම නම් මේ එකක්වත් කරලා නෑ. නමුත් අධ්‍යයනය කරලා තියෙනවා.

ඔයා මේ වගේ දෙයක් කරනවා නම් ඒ ඒ රටවල් වලට භාණ්ඩ යවද්දී රේගුවේ නීති රීති ගැන, බදු සහ වෙනත් වියදම් ගැන මෙකි නොකී ගොඩක් දේවල් දැනගෙන ඉන්න වෙනවා.

Online Advertising

ඔයාගේ Website එකක Blog එකක එන අයට දැන්වීම් නරඹන්න සලස්වලා මුදල් උපයන්න පුළුවන්. English Medium කරනවා නම් AdSense තමයි හොදම. ඒ ඇරෙන්න තවත් Advertising Company ගොඩක් තියෙනවා.

මේවයින් මුදල් උපයන්න නම් ඔයාගේ Website එකට, Blog එකට හොදට කට්ටිය යන්න එන්න ඕනි. ඒ කිව්වේ Traffic තියෙන්න ඕනි. අනික තමයි Site එකේ අන්තර්ගතය හොද වෙන්න ඕනි. නිකන් Copy කරලා හදන, අසභ්‍ය දේවල් තියෙන Website වලට මේ Company Support කරන්නේ නෑ.

Affiliate Marketing

ඔයාට පුළුවන් මොකක් හෝ Company එකකින් විකුණන භාණ්ඩයක් හෝ සේවාවක් Promote කරලා ඔයා හරහා ඒකට Sales දීලා කොමිස් එකක් ගන්න. දැනට ප්‍රසිද්ධම ක්‍රමය Amazon Affiliate Marketing. එකේදී ලෝක ප්‍රසිද්ධ Amazon සමාගම මගින් Sell කරන Item එකක් හෝ කිහිපයක් ඔයාට පුළුවන් Social Networks හරහා හෝ ඔයාගෙම Website එකක් හරහා ඉදිරිපත් කරලා ඔයා හරහා ඒ Items වලට Sales Drive කරන්න. ලංකාවේ වගේම ලෝකේ බොහෝ දෙනෙක් මේ මගින් මාසෙකට බර ගානක් හම්බ කරගන්නවා. Amazon හැරුනාම තවත් බොහෝ Company Affiliate Marketing වලට සහය දක්වනවා.

Affiliate marketing Business එකක් Start කරන්න නම් පට්ට මහන්සියක් දරන්න වෙනවා. ඒ වගේම සැලකියයුතු මුදලක් යොදවන්නත් වෙනවා.

Forex සහ Binary Options

මම ලොකුවට දන්නේ නෑ. පොඩ්ඩක් Study කරලා බලලා මට ගැලපෙන්නේ නෑ කියලා තේරුම් අරගෙන අත්හැරලා දැම්මා. ඔයාට වැඩිදුර ඉගෙන ගන්න ඕනි නම් සරුසාර.com කියවලා බලන්න.

HYPE

අන්තර්ජාලය හරහා වැඩිම මුදලක් කෙටි කාලයකින් උපයා ගන්නත් නැති කරගන්නත් තියෙන හොදම ක්‍රමය තමයි මම දන්න තරමින් HYPE. මේවා වැඩ ක‍රන්නේ මෙහෙමයි. ඔයාට සිද්ද වෙනවා මේ Programs වල ඔයාගේ මුදල් කියක් හරි තැන්පත් කරන්න. ඉන් පස්සේ අදාළ Program එකෙන් පැයකට වරක් හෝ දවසට වරක් හෝ ඔයා තැන්පත් කල මුදල අනුව ඉහල ලාභ අනුපාතිකයකින් ඔයාට ලාභාංශ ගෙවනවා. සමහර විට මේ ලාභ අනුපාතය 20% සිට 100 – 200% වගේ වෙන්නත් පුළුවන්. ඉතින් කොහෙන්ද බැංකුවකවත් නැති මේ වගේ ඉහල අනුපාතික වලින් අපිට ලාභ ලැබෙන්නේ?

එයාලා (කියන්නේ නම්) අපි යොදවන මුදල් වෙනත් ලාභ ලැබිය හැකි ව්‍යාපාර වලට එකවර යොදවලා ලාභය අපි අතරේ බෙදනවා. ඒත් බහුතරයක් කරන්නේ බොරු. මම දැනට නිරත වෙලා තියෙන්නේ කෙටි කාලීන Hype කිහිපයක සහ Merchant Shares කියන දිගු කාලයක් තිස්සේ කරගෙන ආපු Hype Program එකේ විතරයි. එකෙනුත් මම ලාභ පිට ඉවත් වුනා ටික කාලෙකට කලින්. දැන් නම් ඒකත් Scam වෙන්න යන ලක්ෂණ පෙන්නනවාලු.(වෙලා ඉවරයි. දැන් ඇවිත් තියෙන්නේ ආපහු Revshare එකක් හැටියට)…

අතිශය අවධානම් සහිතයි.
මේ HYPE කියන්නේ කෙටි කාලින සහ වංචාකාර වෙබ් අඩවි. 90%ක් වත් HYPE වලින් මුදල් ගෙවන්නේම නෑ. ඉතුරු 10%න් 90%ක්වත් මුදල් ගෙවලා කෙටි කාලයකින් Scam වෙනවා. මේවයින් මුදල් උපයන්න පුළුවන් මුලින්ම Register වෙන අයට විතරයි. හේතුව මුලින් එන අයට මේ ලාභාංශ කියා කියා ගෙවන්නේ පස්සේ Register වෙන අයගේ සල්ලි. ඒ කියන්නේ Pyramid / Ponzi System එකක් තමයි යන්නේ. ඉතින් ටික කාලයක් යනකොට අර පස්සේ එන කට්ටියට වෙන දේ කියන්න ඕනි නෑනේ.

ඉතින් අපි Hype වලින් මුදල් උපයන්න යනවා නම් මුලින් හොදට හොයලා බලලා ඔයාගේ Risk Capital එකෙන් සුළු කොටසක් යොදවලා Program එක Start උන ගමන් වැඩ පටන් ගන්න. ඒ වගේම හැකි ඉක්මනින් පොඩි ලාභයක් තියාගෙන ඉවත් වෙන්න. මේ ගැන විස්තරාත්මකව ලිපියක් TGA Team එක ලියලා තිබුනා.

Revenue Sharing

දැනට ප්‍රසිද්ධම සහ වැඩිම දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන ක්‍රම වලින් එකක්. මේ Program Type එක තවම වැඩි දෙනෙක් හරියට තේරුම් අරන් නෑ. මේ Program වලදී අපිට කරන්න කියලා මහලොකු දෙයක් නෑ. වැඩකට කියලා කරන්න තියෙන්නේ PTC වල වගේ පැය 24කට වරක් එයාලා දෙන Ads ගණන බලන එක විතරයි. ඉතින් කිසිම තාක්ෂණික හෝ අධ්‍යාපනික දැනුමක් නැති ඒත් අවදානමක් ගන්න පුළුවන් ඕනිම කෙනෙකුට කියක් හරි හොයාගන්න මේක හොඳ ක්‍රමයක්.

Revshares වලින් අපිට මුදල් ලැබෙන්නේ මෙහෙමයි. ඒ Website වල කෙරෙන්නේ එයාලගේ Advertising Packages, දැන්වීම් පැකේජ (AdsPacks) විකිණීම. අපි කරන්නේ මුදල් ආයෝජනයක් නෙවෙයි මිලදී ගැනීමක්. එයාල දාල තියෙන Plan වල හැටියට අපි ඒ Ad packs ගත්තට පස්සේ ඒ Adpack එකක් කල් පිරෙනකම් එයාලා පැයකට වරක් හෝ දවසකට වරක් ඒ Website එකට ලැබෙන ආදායම අපි අතරේ බෙදලා දෙනවා. මහා ලොකු ගානක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි ගත්ත Adpack වල වටිනාකම වගේ 1-2% (Daily Cap) දවසකට. මේ විදියට Total Return එක (Adspack වලට ගෙවපු මුදල + ලාභාංශ) 110 – 120% (ROI)වගේ වෙනකම් අපිට ඒ විධියට එයාලගේ ආදායම බෙදනවා.

මේ එක Adpack එකක් කල් පිරෙන්න සාමාන්‍යයෙන් මාස 1-3 වගේ කාලයක් යනවා. මේ කියන Adpack වලට අමතරව තවත් කට්ටියව Website එකට හඳුන්වා දෙන එකෙනුත් අපිට මුදල් උපයාගන්න හැකියාව තියෙනවා. එතකොට එයාල කරන සෑම මිලදී ගැනීමකටම අපිටත් කොමිස් එකක් එනවා. ඉතින් Revshares වලින් මෙහෙම ගෙවන්න තරම් ආදායම් එන්නේ ප්‍රධාන වශයෙන් එයාලගේ Site එකෙන් කරන විකුණුම් වලින්. සමහරු නම් තව තවත් Business Options මගින් තමන්ගේ Revshare එකේ කල් පැවැත්ම තහවුරු කරගන්නවා. උදාහරණයක් විදියට දැන් අලුතින් එන Revshare Programs තමන්ගේ Income එක වැඩි කරගන්න අමතර වශයෙන් Forex, Binary, Cryptocurrency Trading වගේ දේවල් වලට යොමු වෙලා තියෙනවා.

අතිශය අවධානම් සහිතයි.
වැඩි හරියක් තියෙන්නේ මුදල් නොගෙවන වංචාකාර Websites. මුදල් ගෙවන එකක් හොයාගන්න ලේසි නෑ. පස් මහා බැලුම් බලන්න වෙනවා. තවත් සමහරක් ටික දවසක් අර Pyramid System එකට සල්ලි ගෙවලා පස්සේ මාරු වෙනවා. ඉතින් කියන්නේ කෙල වෙලා යන්න අවස්තාව ගොඩක්ම වැඩි.

Revshare Programs SCAM ද කියලා හොයාගන්න හැටි

අනික තමයි උඩින් දක්වලා තියෙන ගණන් මිනුම් හරියටම ස්ථිර නෑ. දවසේ ආදායම 1-2% අතර කිව්වට ඒක තීරණය වෙන්නේ අදාළ Website එකේ එදා Sales මත. Sales සිද්ද නොවුනොත් අපිටත් ආදායමක් එන්නේ නෑ. අනික තමයි Adpack එකක් කල් පිරෙන්න යන කාලය හරියටම නිශ්චිතව කියන්න බෑ. ඒකත් Site එකේ Sales වෙන හැටියට තමයි. අනික තමයි මේ කිසිම Program එකක් අපිට මුදල් ගෙවන්න පොරොන්දු වෙලා හෝ බැඳිලා හෝ නෑ. ඕනිම වෙලාවක එයාල Scam වෙන්න අවස්තාව තියෙනවා. ඒ නිසා අපි මේකටත් භාවිත කරන්න ඕනි අවධානමේ හෙලන්න පුළුවන් මුදලක් විතරයි.  දැනට මුදල් ගෙවන කාලයක් පවතීවි කියලා විශ්වාස කරන Programs කිහිපයක් තමයි MPA (My Paying Ads), MPCA (My Paying Crypto Ads), FAP (Future Ads Pro), 10AP (10 Ads Pay), සහ TAT(The Ads Team).

මෙයිනුත් මම කරන්නේ සහ අලුතින් පටන් ගන්න අයට අවධානමක් අරගන්න නිර්දේශ කරන්නේ MPCA සහ FAP විතරයි. 10AP, (මේක නම් දැන් හරිනේ. :D) සහ TAT එකේ නම් අනාගතය මේ මොහොතේ අවිනිශ්චිතයි.

කෙටිකාලීන Revshares විදියට මම නිරත වෙන එව්වා මෙතන සඳහන් කරන්නේ නෑ. අවධානමක් ගන්න බය නැති අය ඉන්නවා නම් මගේ Email Newsletter List එකට එකතු වෙන්න. ඒ හරහා තමයි මම අලුතින් පටන් ගන්න ඒවා ගැන මුලින්ම දැනුම් දෙන්නේ.

Hybrid Programs

නමේ විදියෙන්ම කිව්වොත් විවිධ ව්‍යාපාර අංශ කීපයක් එකට කැටි කරගත්තු Programs. එහෙමයි කියල අවදානම් රහිත වෙන දේවල් නෙවෙයි. මොකද මේවා Hybrid වෙන්නෙත් Revshares, Trading, Hype, වගේ අවදානම් ක්ෂේත්‍රම එකට එකතු කරලයි. ඉතින් විවිධ ආදායම් මාර්ග කිහිපයක් තිබුනා උනත් අවදානම කොයි වෙලෙත් තියෙනවා.

GoldMoney

GoldMoney කියන්නේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් අතැති මුදලක් රත්තරන් හැටියට තැන්පත්කර තියාගන්න පුළුවන් Online ගිණුමක් නොමිලේම හදාගන්න ඔබට අවස්තාව සලසන තැනක්. ලංකාවේ අන්තර්ජාල ව්‍යවසායකයින් අතර GoldMoney.com ජනප්‍රිය උනා ඉක්මනින් පහසුවෙන් අතේ ඇති සුළු මුදලකින් ලංකාවට වඩා සාපේක්ෂව අඩු මිලකට රත්‍රන් මිලදීගන්න, ගෙන්වාගන්න හෝ මිල ඉහල යනකම් තැන්පත් කර තියන්න පුළුවන් නිසා. කෙටියෙන් කිව්වොත් ඔබේ මුදල් රත්තරන් වලට ආයෝජනය කිරීමක් නිසා.

slip-up-709045_640
Disclaimer

මෙම බ්ලොග් අඩවියේ ලිපි තුල ඉතාමත් අවධානම් සහගත ආයෝජන සහ ව්‍යාපාර අවස්ථා ගැන සඳහන් වනු ඇත. එම නිසා ඔබේ මුදල් ආයෝජනය කිරීමට පෙර ඔබේ ආයෝජන අරමුණු, අත්දැකීම්, අවදානම දරා ගැනීමේ හැකියාව, සහ තොරතුරු වල විශ්වාස සහගත භාවය ගැන සලකා බලන ලෙස යෝජනා කෙරේ. ඔබ ගන්නා ඕනෑම තීරණයක් නිසා ඔබගේ මුලු ආයෝජනයම හෝ ඉන් කොටසක් හෝ නැති වී යාමට ඕනෑම මොහොතක ඉඩ ඇත. ඒ නිසා ඔබට ආයෝජන සඳහා අවදානම දැරිය හැකි මුදලක් පමණක් භාවිත කරන ලෙස උපදෙස් ලබාදෙයි. මෙම බ්ලොග් අඩවිය හරහා ඔබ ලබා ගන්නා තොරතුරු මගින් සිදු කරන ඔබේ ආයෝජන සහ ව්‍යාපාර, ලාභ හෝ අලාභ ගැන කිසිදු ඍජු හෝ වක්‍රමය නීතිමය වගකීමක් නොදරනු ඇත.

Advertisements